අනුෂ්කා විරාත් එක්ක රට සවාරි යයි
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තාවකාලිව විවේක ගන්වා ඇති ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි මේ දිනවල සිය බිරිඳ අනුෂ්කා ෂර්මා සමගින් විදෙස් රටවල් කිහිපයක සංචාරය කරමින් සිටින බව සඳහන් වේ. සිය විවාහය නිමාවත් සමග ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග නිසා කාර්යබහුල වූ විරාත් මේ දිනවල සිය පෞද්ගලික ජීවිතයට වැඩි තැනක් ලබාදී තිබෙන බව සඳහන් වේ.
ඔවුන් පසුගිය සති අන්තයේදී සිය විවාහය සිදුවු ඉතාලියේ රෝම නගරයට ගොස් තිබුණ අතර, එහි දින කිහිපයක්ද ගත කළ බව සඳහන් වේ. කෙසේ වෙතත්, එම සංචාරය නිමාවත් සමග නැවත ඉන්දියාවට පැමිණිට විරාත් සිදුවු අතර, ඒ ඉන්දියාවේ ප්‍රකට ඉලේක්ට්‍රොනික් සමාගමක් වූ ‘පිල්ප්ස්’ සමාගමේ ලාංජන තනාපති ලෙස වැඩ භාර ගැනීමටය. මෙම කාර්ය අවසන් වූ වාහම ඔවුන් නැවතත් චිනයේ හා මැලේසියානු රටවල සංචාරය කිරීමට සූදානමින් සිටින බව සඳහන් වේ.