අනුෂ්කා, විරාත් එක්ක ඇමෙරිකාවේදී රවුම් ගහලා
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා හා ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි මේ දිනවල ඇමෙරිකාවට ගොස් සිටියි. ඔවුන් දෙදෙනා මෙසේ ඇමෙරිකාවට ගොස් ඇත්තේ 18 වැනි %අයිෆා^ සිනමා සම්මාන උලෙළ සඳහා සහභාගිවීමටය.
කෙසේ වෙතත්, %අයිෆා^ සිනමා සම්මාන උලෙළ පැවැත්වීමට පෙර දින තුනකට කලින් ඔවුන් දෙදෙනා මෙසේ ඇමෙරිකාවට ගොස් තිබෙන බව සඳහන්. නිව්යෝර්ක් නගරයේ පිහිටි සාප්පු සංකීර්ණ කිහිපයකදී ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස පෙනි සිටින අයුරු පැපරාසි කැමරා කාචවලටද හසුව තිබෙන අතර, විරාත්ගේ සමීපතම මිතුරෙකුගේ අලුත උපන් දරුවෙකු වෙනුවෙන් ත්‍යාග කිහිපයක් ගන්නා අයුරක්ද මෙහිදී පැපරාසි කැමරා කාචවලට හසුව තිබුණා.