අනුෂ්කා තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරයි
‘NH10’ හා ‘Phillauri’ චිත්‍රපට අති සාර්ථකවීම හරහා නැවතත් තමා චිත්‍රපටයක් ඉතා ඉක්මනින් නිෂ්පාදනය කරන්නට අනුෂ්කා ෂර්මා සැලසුම් කරමින් සිටින බව සඳහන් වේ. මේ වනවිටද ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් පවතින අනුෂ්කාගේ අලුත්ම චිත්‍රපට නිෂ්පාදනය වන ‘Phillauri’ උපයාගෙන ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 50කට ආසන්න මුදලකි.
අඩු මුදලකින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම චිත්‍රපටයයේ ලද සාර්ථකත්වය නිසාම තමා තුන්වැනි සිනමා නිෂ්පාදනයටත් ඉතා ඉක්මනින් යොමුවෙන බව ඇය ‘කෝයි මෝයි’ වෙබ් අඩවියට පවසා ඇත. අනුෂ්කා නිෂ්පාදනය කළ චිත්‍රපට දෙකේම ප්‍රධාන චරිතයද ඇය විසින්ම නිරූපණය කිරීම විශේෂත්වයකි.