අනුෂ්කා ජනවාරි අගදී රූපගත කිරිම්වලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට සිය පළමු දරු ප්‍රසුතියට සූදානම් වන සුපිරි බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා ලබන වසරේ ජනවාරි අන්තිම සතියේදී නැවත වරක් සිය චිත්‍රපට රූපගත කිරිම් සඳහා එක්වෙන බව සඳහන් වෙයි. අනුෂ්කා ජනවාරි මුල් සතියේදී තම පළමු දරුවා බිහි කිරිමට බලාපොරොත්තු වන අතර, ඉන් දින කිහිපයකට පසුව ඇය සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්වීමට සූදානම් වීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ කාරණයක් වි ඇත.

කෙසේ වෙතත්, අනුෂ්කා පවසන්නේ තමා කාලයක් තිස්සේ සිනමාව තුළ දකින්නට නොලැබිම කණගාටුවක් බවය. තමා බලාපොරොත්තුවෙන සිටින ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නැවතත් තමා සිනමාවට පැමිණිය යුතු බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

20201210Anushka (1) 20201210Anushka (2)