අනුෂ්කා ගැබී ගෙන කතාවේ ඇත්ත නැත්ත
මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව සමුගෙන ඇති අනුෂ්කා ෂර්මා ගැබී ගෙන ඇති බවට පුවතක් බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ. කෙසේ වෙතත්, එයට පිළිතුරු සපයමින් ඇය පසුගියදා ප්‍රකට ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව සිටි අතර, ඇය පැවසුවේ විවාහයෙන් පසුව බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව දරුවෙක් හැදීම නිසා. තමාද එයට සූදානම් වෙමින් සිටින බවය.
නමුත්, ඇය පැවසුවේ දැනට වාර්තා වන තොරතුරු අසත්‍ය ඒවා වන අතර, තමා ගැබි ගත්තේ නම් එය නොසඟවා සිටිමට තමාට බැරි බවද ඇය පවසා සිටියාය. එක්දින ලෝක කුසලානය නිමාවත් සමග ඇය මේ දිනවල බටහිර ඉන්දිය කොදෙව් සංචාරයක නිරතව සිටින බව සඳහන් වේ.