අනුමාන කළාසේම අමිතාබ්ටත් සම්මානයක්
වසරේ හොඳම නළුවා බවට පත් නොවුණද සුපිරි නළු අමිතාබ් බච්චන් වසරේ හොඳම නළුවා ලෙස විචාරක සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් විය. ඒ ඔහු පසුගිය වසරේ රංගනයෙන් දායක වූ ‘ගුලාබෝ සිතාබෝ’ චිත්රපටයේ කළ රංගනය උදෙසාය.
බොහෝ දෙනෙකු මෙම සම්මානය අමිතාබ් බච්චන්ට ලැබෙයි යන්න සිනමා උළෙල ආරම්භයේදිම අනුමාන කළේය. කෙසේ වෙතත්, ඔහු හොඳම නළුවා නොවි හොඳම නළුවා විචාරක සම්මානයෙන් සැහීමට පත් වන්නට මෙරව සිදුවිය. අමිතාබ් විසින් ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළෙලකදි දිනාගත් 26 වැනි සම්මානය මෙය වේ.