අනුපම් කෙර්ගේ මව සුව අතට..
ජනප්‍රිය ඉන්දීය සිනමා නළු අනුපම් කෙර්ගේ මව මේ වන විට ‘කොවිඩ් 19’ රෝගයෙන් සුව ලබ නැවතත් සිය නිවස වෙත ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වේ. අනුපම්ගේ මව හා සොහොයුරාට ‘කොවිඩ් 19’ ආසාදනය වී තිබුණ අතර, ඔවුන් මීට සති දෙකකට පෙර රෝහල් ගත කරනු ලැබීය.
කෙසේ වෙතත්, අනුපම්ට හ ඔහුගේ බිරිඳ සිනමා නිළි හා ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රි කිරන් කෙර්ට ‘කොවිඩ් 19’ වෛයිරසය ආසාදනය නොවි තිබුණි. අනුපම් සිය රසික, රසිකාවියන්ට ‘ටිවිටර්’ විඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ තම මව හා සොහොයුරා මේ වනවිට පුර්ණ සුවය ලබා තිබෙන බවය.