අනාවැකි බොරු කළ ආන්ඛේන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වන විට ආන්ඛේන් චිත්‍රපටිය මුල් වරට තිරගත වී වසර 19ක් ගෙවී  අවසන්ය. රසිකයන් එම චිත්‍රපටිය නැරඹුවේ මෝහනය වූවාක් බඳුවය. එහි අමිතාබ් භච්චන්, අක්ෂේ කුමාර්, අර්ජුන් රාම්පාල් සුෂ්මිතා සෙන් සහ පරේෂ් රාවල් චරිත නිරූපණය කළහ. එම චිත්‍රපටිය ගැන අපූරු තොරතුරක් හෙළිදරව් කළේ එහි නිෂ්පාදක විපුල් අම්රුත්ලාල් ෂාය. 
“චිත්‍රපටිය පටන් ගන්නකොටම ක්ෂේත්‍රයේ හුඟක් දෙනෙක් කිව්වා ඒක කරන්න එපා එහෙම පිටින්ම අසාර්ථක වෙයි කියලා.. අමිතාබ් බච්චන් මීට ඉස්සර ඒ අය එක්ක රඟ පාලා තිබුණේ නෑ.. ඒ වගේම ඔහු පළමු වතාවට අළු පාට චරිතයක් රඟ පෑවේ ඒ චිත්‍රපටියේ..  ඒ මදිවට අර්ජුන් රාම්පාල්, ආක්ෂේ කුමාර්, සුෂ්මිතා සෙන් තුන් දෙනාම අන්ධයන්.. අර්ජුන් සහ සුෂ්මිතා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා.. මේ වෙනකොට අර්ජුන් අලුත් නළුවෙක්.. ඒකත් සාර්ථක වෙන්නෙ නෑ, චිත්‍රපටි නිෂ්පාදකයෙක් විදියට මම වළ පල්ලට යන්නෙ මේ චිත්‍රපටියෙන් කියලා ඔවුන් මගෙ මූණටම කිව්වා.. ඒත් මම මගෙ අදහස වෙනස් කළේ නෑ.. වෙන දෙයක් වෙච්චාවෙ කියලා මම චිත්‍රපටිය පටන් ගත්තා.. ඇත්තටම සාර්ථක වෙයි ද , අසාර්ථක වෙයි ද කියලා දෙගිඩියාවක් මට ඇති වුණේම නෑ..”
අතීතය සිහිපත් කරමින් විපුල් කීවේය. 
චිත්‍රපටිය තිරගත වූයේ 2002 දීය. සියලුම නළුනිළියෝ එයට උපරිමයෙන් සිය දායකත්වය සපයා තිබිණි. චිත්‍රපටිය අතිශයින් සාර්ථක වෙද්දී එය නැරඹූවෝ පමණක් නොව අසාර්ථක වෙතැයි අනාවැකි කීවෝ ද පුදුමයට පත් වූහ. 
“මම ඒකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.. අපිට අත්හදා බැලීම් කරන්නෙ නැතුව අලුත් දෙයක් කරන්න බෑ.. සමහර ඒවා හරියන්න පුළුවන්.. සමහර ඒවා වරදින්න පුළුවන්.. ඒත් වරදිනවට බයේ අතපය අකුළාගෙන හිටියොත් අපි ට හැමදාමත් ඉන්න වෙන්නෙ හිටිය තැනම තමයි.. මම මේ වෙනකොට අලුත් අත්හදා බැලීම් සෑහෙන ගණනක් කරලා තියෙනවා.. ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන තියෙනවා.. ඒ ගැන මට තියෙන්නෙ ලොකු තෘප්තියක්.. ඒ හින්දමයි මම හැම අවුරුද්දකම මගේ පළමුවෙනි චිත්‍රපටිය තිරගත වුණ දවස භක්තියෙන් සිහිපත් කරන්නෙ.. ” ඔහු කියන්නේය. 
ඔහු ඊ ළඟට නිර්මාණය කරන්නේ සනක් ය. එය ප්‍රේමනීය හා ක්‍රියාදාම චිත්‍රපටියකි.

20210413Amithab-1 20210413Amithab-2