‘අන්දාදුන්’ රිමෙක් චිත්‍රපටයට ප්‍රශාන්ත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-860

පසුගිය වසරේ ඉන්දීය රුපියල් කෝටි 450ක ආදායමක් උපයාගත් ආදායමක් උපයාගත් ‘අන්දාදුන්’ චිත්‍රපටයේ දමිල චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මේ වනවිට සැලසුම් කරමින් සිටියි. මුලින්ම මෙම චිත්‍රපටයේ අයේෂ්මන් කූරාණා රඟපෑ චරිතයට ධනුෂ් හා සිද්ධාර්ත්ගේ නම් යෝජනා වී තිබුණ අතර, මේ වනවිට එම චරිත 2000 දශකයේ අතිශය ජනප්‍රිය දමිල සිනමා නළුවෙකු වු ප්‍රශාන්ත්ට ලබා දී ඇතැයි වාර්තා වේ.

2011 වසරේ සිට මේ දක්වා අඩු දකුණු ඉන්දීය චිත්‍රපට ප්‍රමාණයකට දායක වූ ප්‍රශාන්ත් මේ වනවිටත් මෙම චරිතයට එක්වීමට සිය කැමැත්ත පළ කොට ඇතැයි වාර්තාවේ. කෙසේ වෙත, ‘අන්දාදුන්’ බොලිවුඩ් චිත්‍රපටයේ රාධිකා අප්තේ හා තාබුගේ චරිතවලට මේ වනවිටත් නිළීයන් තෝරා ගෙන නොමැති බව සඳහන් වේ.