අන්තිම ප්රචාරක පටයත් එළිදකියි
ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති අලී අබ්බාස් සෆර්ගේ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටයේ අවසන් ප්රචාරක පටය පසුගිය සති අන්තයේදී එළිදක්වනු ලැබීය. සල්මාන් ඛාන් හා කත්රිනා කයිෆ් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය 2012 වසරේ තිරගත වූ කබීර් ඛාන්ගේ ‘එක්තා ටයිගර්’ චිත්‍රපටයේ දෙවැන්න ලෙස නිර්මාණය වී තිබේ.
දෙසැම්බර් 22 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා රටවල් 24ක ප්‍රදර්ශනය කරන්නට සැලසුම් කර ඇති මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි මුදලක් යොදවා නිර්මාණය කර තිබෙන්නක් බව සඳහන් වේ. යශ් රාජ් චිත්‍රපට සමගාම වෙනුවෙන් මෙම මුදල යොදවා ඇත්තේ ආදිත්‍ය චොප්රා විසිනි.