අන්තර්ජාලයේ වැඩිම සෙවිල්ල 'ප්රියා'
ඕමාර් ලූලු විසින් අධ්යක්ෂණය කළ ‘ඕරු ආදර් ලව්’ චිත්රපටයේ ප්රධාන නිළි චරිතයට පණ පොවනු ලබන ප්රියා ප්රකාශ් පසුගිය සතියේ ‘ගූගල්’ වෙබ් අඩවිය තුළින් අන්තර්ජාල පාඨකයන් සෙවූ ජනප්රිය චරිතය වී තිබේ.
‘ගූගල්’ අයාතනය සඳහන් කරන්නේ මීට පෙර අවම පැය කිහිපයක් තුළදී ජනප්රිය චරිතයක් අන්තර්ජාල පාඨකයන් විසින් සොයා තිබුණේ වර්තමානයේ ඉන්දීය සිනමා නිළියක් ලෙස කටයුතු කරන හිටපු නිල් චිත්රපට නිළියක් වූ සනී ලියෝන්ය.
තවමත් 18 වැනි වියෙහි පසුවන ප්රියා ප්රකාශ් වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වන අතර, ‘ඕරු ආදර් ලව්’ චිත්රපටය ඇයගේ පළමු සිනමා රංගනය බවද සඳහන් වේ.