‘අන්ග්‍රීසි මිඩියම්’ මාර්තු 13 වැනිදා සිට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2648

2017 වසරේ තිරගත වූ ‘හින්දි මිඩියම්’ චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය ලෙස එළිදකින ‘අන්ග්‍රිසි මිඩියම්’ චිත්‍රපටය එළැඹෙන මාර්තු 13 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ‘හින්දි මිඩියම්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ දුන් ඉර්ෆාන් ඛාන් මෙහි ප්‍රධාන චරිතයට එක්ව සිටියි. ඔහුට අමතරව කරිනා කපූර්, දීපාක් ඩොබ්‍රියාල්, රධිකා මදන්, ඩිම්පල් කපාඩියා, පන්කජ් ත්‍රිපාටි මෙහි සෙසු චරිත සඳහා දායකව සිටියි. පළමු චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටයද හාස්‍යමය ලේබලය යටතේ නිර්මාණය කර ඇති අතර, පළමු චිත්‍රපටයේ අන්තර්ගත වූ කතාවට සමාන කතාවක් මෙම චිත්‍රපටයටද ඇතුළත්ව තිබේ. හෝමි අදිජානියා විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය දිනේෂ් විජාන් විසින් නිෂ්පාදනය කොට තිබේ.