‘අන්ග්රිසී මිඩියම්’ කරීනා නිසා කල් යයි
මුදල් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘හින්දි මිඩියම්’ චිත්රපටයේ දෙවැනි කොටස වන ‘අන්ග්රීසි මිඩියම්’ චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට කල් ගොස් තිබේ. එයට හේතුව නම් ‘අන්ග්රීසි මිඩියම්’ චිත්රපටයේ ප්රධාන නිළි චරිතයට පණ පොවන කරීනා කපූර් සිය පෞද්ගලික හේතුන් මත මෙම චිත්රපටයේ රූපගත කිරිම් තුළින් තාවකාලිව ඉවත්ව තිබිමය.
මෙය ඉර්ෆාන් ඛාන් හා කරීනා කපූර් දෙදෙනා බොලිවුඩ් චිත්රපටයක පෙම්වතුන් ලෙස පෙනි සිටින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. සිනමා විචාරකයන් පවසන්නේ කරීනා මෙසේ මෙම චිත්රපටයෙන් ඉවත්ව ඇත්තේ කරීනා, ආක්ෂේ කුමාර් සමගින් රංගනයෙන් දායක වෙන ‘ගුඩ් නිවුස්’ චිත්රපටයේ රූපගත කිරිම් සඳහා එක්විම නිසාවෙනි. ‘ගුඩ් නිවුස්’ දෙසැම්බර් මාසයේදී ප්රදර්ශනය වීමට නියමිතය.