අන්කිතාට, සූශන්ත් සුබපතයි
වසර හයක් තිස්සේ පෙම්වතුන් සිටි ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුශන්ත් රාජ්පුත් හා අන්කිතා ලෝකන්ඩ්වාලා දෙදෙනා මේ වනවිට විරසකව සිටියි. සුශන්ත් වර්තමානයේ බොලිවුඩ් සිනමා නිළි ක්‍රිති ෂැනොන්ගේ පෙම්වතා බවට පත්ව සිටින අතර, අන්කිතා තවමත් තනිකඩව සිටියි. මේ දිනවල අති සාර්ථකව තිරගත වන ‘කෝදර්නාත්’ චිත්‍රපටයේද සුශන්ත් ජනප්‍රිය සිනමා නළු සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා අලී ඛාන් සමගින් රංගනයේ යෙදේ.
කෙසේ වෙතත්, ලබන වසරේ ජනවාරි 25 වැනිදා තිරගත වන ‘මානිකාර්නිකා’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසෙන සිය පැරණි පෙම්වතිය අන්කිතාට සුශන්ත් සිය සුබපැතුම් එක‍්කොට තිබුණ බව වාර්තා වේ. අන්කිතාගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වන ‘මානිකාර්නිකා’ ඉන්දීය රුපියල් කෝටි 125ක වියදමකින් තැනු චිත්‍රපටයක්ද වේ.