අන්කිතා, සුශන්ත් එක්ක වැඩ කරන්න කැමතියි
වසර හයක් තිස්සේ පෙම්වතුන්ව සිටි අන්කිතා අන්කිතා ලොකන්ඩේ හා සුශාන්ත් රාජ්පුත් දෙදෙනා මේ වනවිට විරසකව සිටියි. ඉන්දීය රූපවාහිනි නිළියක් ලෙස අතිශය ජනප්‍රිය වූ අන්කිතාගේ පළමු සිනමා රංගනය ඇතුලත් ‘මානිකර්නිකා’ බොලිවුඩ් චිත්‍රපටය ප්‍රදර්ශනය. මේ වනවිට සිය පළමු සිනමා රංගනයට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර, මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ හිටපු පෙම්වතා වූ සුශාන්ත් සමගින් චිත්‍රපටයක රඟපෑමට කැමැත්තෙක් පසුවන බවය. එමෙන්ම ‘මානිකර්නිකා’ චිත්‍රපටය තිරගත වීමත් සමග තමාට තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයම රඟපෑමටද අවස්ථාව ලැබුණ බව ඇය වැඩිදුරටත් පවසා ඇත.