අන්කිත් තිවාරි විවාහ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-02-ent-76

‘ඒක්විලන්’ චිත්‍රපටයේ ‘ගලියා’, ‘ආෂික්‍යු’ දෙවැනි චිත්‍රපටයේ ‘සුන් රාහා හේ’, ‘තුම් බින්’ දෙවැනි චිත්‍රපටයේ ‘තුම් බින්’ හා ‘රෝයි’ චිත්‍රපටයේ ‘තූ හි කි නහි’ ගීත ගායනා කරමින් බොලිවුඩයේ පමණක් නොව ලොවපුරාද අතිශය ජනප්‍රිය වූ යොවුන් ගායක අන්කිත් තිවාරි පසුගියදා විවාහ විය. ඔහුගේ අතගනු ලැබුවේ පල්ලවී සූක්ලාය. වෘත්තියෙන් ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරනු ලැබු පල්ලවී, අන්කිත් තිවාරි සමගින් වසරකට වඩා වැඩි කාලයක සිට පෙම්වතුන් වී සිටියහ.

මේ වනවිට ගායකයෙකුට අමතරව ජනප්‍රිය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකුද වන අන්කිත් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සිනමා සම්මාන උළලේයන් බොහෝමයකදී හොඳම ගායකයා මෙන්ම හොඳම සංගීත අධ්‍යක්වරයා ලෙසද සම්මාන දිනා ගැනීමට සමත්ව ඇත.