අනන්‍යාගේ අනන්‍යතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-881

 

‘‘මං හිතන්නෙ මම නිළියක් වෙන්න පෙරුම් පිරුවේ අම්මගෙ බඩෙන් එළියට ආව දා ඉ`දලම වෙන්න ඕන..’’

එසේ කියන්නේ පුනිත් මල්හෝත‍්‍රා අධ්‍යක්ෂණය කරන, කරන් ජෝහාර් නිෂ්පාදනය කරන ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත‍්‍රපටියෙන් සිය සිනමා ගමන අරඹන අනන්‍යා පාණ්ඬේය. මේ වන විටත් ඇයට බොහෝ ප‍්‍රශංසා ලැබෙමින් පවතියි. ජනපි‍්‍රය විකට නළුවෙකු වන චන්කි පාණ්ඬේ සහ භාවනා පාණ්ඬේගේ දියණිය වන අනන්‍යා මේ වන විට 20 හැවිරිදි වියේ පසු වෙයි. ඇගේ උස අඩි පහයි අ`ගල් හතක් වන අතර බර කිලෝ ග‍්‍රෑම් 50කි. ඇය තද දුඹුරු පැහැති ඇස්වලට සහ කළු පැහැති කෙස් කළඹකට හිමිකම් කියන්නීය.

ඇය අධ්‍යාපනය ලැබුවේ මුම්බායි හි දිරුබායි අම්මානි ජාත්‍යන්තර විද්‍යාලයේය. ඇය ලොස් ඇන්ජලීස්හි දකුණු කැලිපෝර්නියා සරසවියෙන් උපාධිය ලබා ගත්තාය. රිසා පාණ්ඬේ ඇගේ එකම නැගණියයි. අනන්‍යා චොකලට් සහ පීසා කෑමට දක්වන්නේ දැඩි ආශාවකි.

ඇගේ පි‍්‍රයතම නළුනිළියන් වන්නේ වරුන් ධාවාන්, රන්වීර් සිං, ලියනාඩෝ ඩිකැප්රියෝ, ටොම් හිඞ්ල්ස්ටන්, දීපිකා පදුකෝන්, කාජල්, එමා වොට්සන්, ජෙනිෆර් ලෝරන්ස් සහ එමා ස්ටෝන්ය. කුච් කුච් හෝතා හෑ, ටූ ස්ටේටස්, ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්, ටයිටැනික්, හැරී ොපටර්, කුන්ග් ෆූ පැන්ඩා වැනි චිත‍්‍රපටිවලට ඇය පි‍්‍රය කරන්නීය.

සංචාරය කිරීම, පොත් කියවීම, සාදවලට සහභාගි වීම ඇගේ විනෝදාංශය. සාදවලදී ඇල්කොහොල් මිශ‍්‍ර බීම ගැනීමටත් ඇය කැමතිය.

ඇගේ සුරතල් සතා බල්ලෙකි. උගේ නම ෆජ්ය.

චිත‍්‍රපටිවලට බලවත් ආශාවක් දැක්වුවත් කුඩාම කාලයේදී මිසක් ඉන් පසුව තමා කවදාවත් සිය පියාගේ චිත‍්‍රපටි දර්ශන තලවලට ගොස් නැති බැව් අනන්‍යා කියන්නීය.

‘‘තාත්තා චිත‍්‍රපටිවලට ගියාම අපි ඒ ළ`ග හෝටල්වල නැවතිලා තියෙනවා.. ඒත් ර`ගපානවා බලන්න ගිහින් නෑ...’’

කාර්තික් ආර්යන් ඇගේ හො`ද මිතුරෙකි. ඔවුන් දෙදෙනා නිතරම එකට දකින්නට ලැබෙන බැවින් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයක් ඇතැයි බොහෝ දෙනා සැක පහළ කරති. පතිපත්නි ඕර් වෝ චිත‍්‍රපටියේ ද ඔවුන් දෙදෙනා එකට ර`ගපෑමට නියමිතය. ‘‘එකට ර`ග පාන නළුනිළියන්ගෙ නම් සම්බන්ධ කරලා කතාන්දර හැදෙන එක සාමාන්‍ය දෙයක්.. අපි දෙන්නටත් ඒක පොදුයි.. ඒත් කාර්තික් මගේ හො`ද යාළුවෙක් විතරයි.. චිත‍්‍රපටියකදී චරිතයක් තුළට පිවිසිලා ඒ තමන්ගෙ චරිතේ කර ගන්නෙ කොහොමද කියන එක මම හො`දටම ඉගෙන ගත්තෙ කාර්තික්ගෙන්.. ඒ වගේම ඔහු හ`ගාක් සැහැල්ලූවෙන් ඉන්න කෙනෙක්.. ඒ වගේ කෙනෙකුට යුවතියන් පි‍්‍රය කරන එක සාමාන්‍ය දෙයක්..’’ අනන්‍යා කියයි.