අනතුරකට ලක්වුණ රන්වීර්
සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන සිය නවතම බොලිවුඩ් චිත්‍රපටය වන ‘පද්මාවතී’හි රූපගත කිරීම් කටයුතු මේ වනවිට තාවකාලිව අත්හිටුවා ඇත. පසුගිය කාලයේදී විවිධ අන්තවාදී කණ්ඩායම්වල බාධා කිරීම් හමුවේ විවිධ අවස්ථාවන්වල මෙහි වැඩ කටයුතු අතරමග නවතා දමන්නට සිදුව තිබුණද මෙවර මෙහි වැඩ කටයුතු තාවකාලිව නවතා දමන්නට හේතුවී ඇත්තේ ‘පද්මාවතී’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන රන්වීර් සිං අනතුරකට ලක්වීම හේතුවෙනි.
මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින ඔහු සියයට අසූවක ප්‍රමාණයක් සුවය ලබා තිබෙන බව සඳහන් වේ. කෙසේ වෙතත්, නැවතත් ‘පද්මාවතී’ චිත්‍රපටයේ වැඩ කටයුතු දින 14ක කාලයකින් පසුව අරඹන්නට චිත්‍රපට අධ්‍යක්ෂක බන්සාලි තීරණය කර තිබෙන බව සඳහන් වේ. ‘පද්මාවතී’ චිත්‍රපටයේ රන්වීර් සිංට අමතරව දිපීකා පදුකෝන්, ෂාහිඩ් කපූර් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායකව සිටිති.