අධික මුදලක් අය කරන නළුවා 'මාර්ක්'
මේ වනවිට ලෝකයේ වැඩිම අයකිරීමක් ලබාගන්නා නළුවා ලෙස මාර්ක් වෝහල්බර්ග් බව සඳහන් වෙයි. 46 වැනි වියේ පසුවන ඔහු 2017 වසරේ පමණක් ඇ.ඩො. මිලියන 68ක් උපයා ඇති බව සඳහන් වෙයි. වැඩිම මුදලක් අය කරගන්නා නිළිය ලෙස පසුගිය වසරවල හැඳින් වූ එමා වොට්සන් මෙම වසරේ උපයා ඇති ආදායම ඇ.ඩො.මිලියන 26ක් බව සඳහන් වෙයි. එම හේතුවෙන් මෙම වර්ෂයේ වැඩිම ආදායමක් උපයන නළුවා ලෙස මාර්ක් වෝහල්බර්ග්ව හඳුන්වයි.