අද එළිදකින 2.0 චිත්‍රපටයට විරුද්ධව පැමිණිල්ලක්
දමිල සිනමාවේ දැවැන්ත නිර්මාණය වන 2.0 චිත්‍රපටය අද (29දා) ඉන්දියානු සිනමා ශාලාවල එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම චිත්‍රපටයට එරෙහිව Cellular Operators Association of India (COAI) චිත්‍රපටයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ මෙහිදී දුරකථන, දුරකථන කුළුණු සහ දුරකථන සේවාවලින් සිදුවන විනාශකාරී දර්ශන හේතුවෙන් මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ. එමෙන්ම මෙම චිත්‍රපටය පිළිබඳව තවත් පුවත් වාර්තා වෙයි. ඒ ආර්නෝල්ඩ් ස්වාසර්නේගර් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වන බවයි. ඒ හතුරෙකු චරිතයක් සඳහාය. ආක්ෂේ කුමාර් මෙන්ම ආර්නෝල්ඩ්ද මෙහි හතුරු චරිත සඳහා රංගනයෙන් දායක වන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි.