අති සාර්ථක වූ ‘ස්ට්‍රී’ ජපානයේ ප්‍රදර්ශනය කරයි
ශ්‍රද්ධා කපූර් හා රාජ්කුමාර් රාඕ ප්‍රධාන චරිත නිරූපණය කළ ‘ස්ට්‍රි’ චිත්‍රපටය පසුගිය සැප්තැම්බර් 27 වැනිදා සිට ජපානයේ සිනමා ශාලා 12ක ප්‍රදර්ශනය කර ඇත. 2018 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය හාස්‍යමය ලේබලය යටතේ නිර්මාණය වූවකි. අත්භූත කාන්තාවකට පෙම් කරන තරුණයෙකුට සිදුවන අකරතැබ්බයන් කිහිපයක් අලලා මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.
2018 වසරේ ඉහළ ආදායම් උපයාගත් චිත්‍රපට අතරට එක්වූ මෙම චිත්‍රපටය තවමත් ඉන්දියාවේ ගම්බද ප්‍රදේශවල ප්‍රදර්ශනය වෙමින් පවතින බව දැන ගැනීමට ලැබේ. දැනට මෙම චිත්‍රපටය විසින් උපයාගත් මුදල ඉන්දීය රුපියල් කේටි 150ට ආසන්න වී ඇති බව වාර්තා වෙයි.