අඩු වියදමිකින් තැනුණ චිත්රපට
මාර්තු 01 වැනිදා තිරගත වූ ලක්ෂ්මන් උටේකාර්ගේ ‘ලූකා චුප්පි’ හා මාර්තු 08 වැනිදා සුජෝයි ජෝෂිගේ ‘බද්ලා’ අඩු වියමකින් තැනුණ චිත්රපට වේ. මෙම චිත්රපට දෙක්ම මේ වන විට අති සාර්ථක චිත්රපට බවට පත්ව ඇත. ‘ලුකා චුප්පි’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 24කින් නිර්මාණය කර තිබුණ අතර, එය දැනට උපයා ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 120ක් බව සඳහන් වේ.
එමෙන්ම ඉන්දීය රුපියල් කෝටි 17කින් තැනුණ ‘බද්ලා’ චිත්රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 110කි. විචාරකයන් පවසන්නේ ‘කැප්ටන් මාවල්’ ඇතුළු සුපිරි හොලිවුඩ් චිත්රපට රැසක් තිරගත වෙන අතරතුරතදී මෙම චිත්රපට දෙක ඉහළ ලාභයක් උපයා ගැනීමට සමත්ව වීම විශේෂත්වයක් බවය.