අඩනිරුවත් ඡායාරූප නිසා හංසිකා අපහසුතාවයක
ඉන්දීයාවේ සුරූපී චිත්‍රපට නිළියක් වන හංසිකා මොටවානි පිළිබඳව මේ දිනවල උණුසුම් පුවතක් වාර්තා වෙනවා. ඒ ඇයගේ යැයි පවසන අඩනිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙන නිසාය. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ ජංගම දුරකථනය සහ ඇයගේ ට්විටර් ගිණුම හැක් කිරීමකට ලක්වීමෙන් මෙලෙස විවිධ වර්ගයේ ඡායාරූප අන්තර්ජාලයට එක්ව ඇති බවයි. ඒ අනුව එහි තිබූ ඇයගේ පෞද්ගලික ඡායාරූපයි මෙලෙස අනතර්ජාලයට මුදාහැර ඇත්තේ. මේ අතර මීට පෙර අවස්ථාවක දීද ඇයගේ නම යටතේ විවිධ වීඩියෝ සහ ඡායාරූප අනතර්ජාලයට එක්ව තිබුනා. එහි නිරුවත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලට එක්කර තිබුනා. මේ කාරණාව සම්බන්ධයෙන් ඇය මාධ්‍යයට පවසා ඇත්තේ මේ ඡායාරූප ඇයගේ නොවන බවයි. නමුත් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ තමාගේ දුරකථනය සහ ට්විටර් ගිණුම හැක් කර ඇති බවයි. කෙසේ වුවත් මේ කාරණාව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් ඇයව අපහසුතාවයට පත්ව ඇති බව ඇතැමුන් පවසයි. මේ සම්බන්ධයෙන් ඇතැමුන් පවසන්නේ ඉදිරියේදී එළිදැක්වීමට ඇති ඇයගේ චිත්‍රපටක් හේතුවෙන් මෙවැනි ප්රචාරක කටයතුතක් සිදුකරන බවයි. මෙය ඝෘණාත්මක ප්රචාරක ක්‍රමයක් බව ඇතැමු තරයේ ප්‍රකාශ කර තිබේ.
දමිල නිළියක් ලෙස ඇයව බොහෝ දෙනා හැඳින ගනු ලැබුවත් තෙලිඟු, මලයාලම් සහ හින්දි චිත්‍රපට සඳහා රංගනයෙන් දායක විය. ඇය ක්ෂේත්රය ඇතුළු වූයේ 2001 වසරේදීය. රූපවාහිනි කතාමාලාවක් වන Des Mein Niklla Hoga Chand නම් රූපවාහිනි කතාව ඔස්සේ රංගනයට පිවිසි ඇය මෙම කතාමාලාව සඳහා වසර තුනක් රංගනයෙන් දායක විය. එම වසරේදී ඇය තවත් කතාංගයක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Shaka Laka Boom Boom නම් කතාංගයයි. 2002 වසරේ සිට ඇය 2005 වසර දක්වා රූපවාහිනි කතාමාලා 05 ක් සඳහා රංගනයෙන් දායක විය. 1991 උපන් හංසිකා සිනමාවට පිවිසියේ හින්දි චිත්‍රපටයක් ඔස්සේය. ඒ 2003 වසරේදී තිරගත වූ Hawa චිත්‍රපටය ඔස්සේය. එම වසරේදීම ඇය තවත් චිත්‍රපට 03 ක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Koi… Mil Gaya, Aabra Ka Daabra සහ Jaago නම් හින්දි චිත්‍රපට තුනයි. මෙම චිත්‍රපට තුනෙහිම ඇය ළමා චරිතයක් සඳහා පණ පෙවීය. 2004 වසරේදීද ඇය හින්දි චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක විය. 2007 වසරේදී ඇය තෙලිඟු චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Desamuduru නම් චිත්‍රපටයයි. 2008 වසරේදී ඇය චිත්‍රපට 03 ක් සඳහා රංගනයෙන් දායක විය. එහිදී ඇය දායක වූ Money Hai Toh Honey Hai නම් හින්දි චිත්‍රපටය ඔස්සේ ඇය ප්‍රසිද්ධ චරිතයක් බවට පත්විය. 2009 වසරේදී ඇය තෙලිඟු චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක විය. තෙලිඟු චිත්‍රපටය ඔස්සේ ඇයව බොහෝ දෙනා අතරේ ජනප්‍රිය චරිතයක් විය. 2010 වසරෙන් පසුව ඇය රංගනයෙන් දායක වූයේ තෙළිඟු සහ දමිල චිත්‍රපට සඳහා පමණි. 2011 වසරේදි ඇය දමිල සහ තෙලිඟු චිත්‍රපට 05ක් සඳහා රංගනයෙන් දායකවිය. ඇය දමිල සිනමාවේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට මෙම චිත්‍රපට වලින් ඇයට අවස්ථාව උදා විය. දමිල සිනමාවේ දැවැන්තයින් වන අජිත්, ධනුෂ්, සූර්යයා, විජේ වැනි නළුවන් සමගින් ඇයට ප්‍රධාන චරිතයට පණ පෙවීමට අවස්ථාව උදාවිය. 2012 වසරෙන් ඇය රංගනයෙන් දායක වූ සෑම චිත්‍රපටයක් ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටක් විය.
2013 වසරේදී ඇය චිත්‍රපට 05 ක් සඳහා දායක විය. එම වසරේදී එම චිත්‍රපට හේතුවෙන් ඇයට සම්මාන දෙකක් සඳහා අවස්ථාව හිමිවිය. 2014 වසරේදී දායක වූ Maan Karate, Power, Aranmanai යන චිත්‍රපට 03 බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි අතර, Maan Karate චිත්‍රපට හේතුවෙන් ඇයට සම්මානයක්ද හිමිවිය. 2015 වසරේදී ඇය චිත්‍රපට 06 ක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Aranmanai 2, Pokkiri Raja, Uyire Uyire, Manithan වැනි චිත්‍රපටයි. රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් ලෙසද ඇය ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත්විය. නිරූපිකාවක් වශයෙන් ඉන්දියානු සුප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ නිෂ්පාදනය වූ වෙලෙඳ දැන්වීම සඳහා ඇය රංගනයෙන් දායක විය. 2017 වසරේදී චිත්‍රපට 04ක් සඳහාද, 2018 වසරේදී චිත්‍රපට 2ක් සඳහාද රංගනයෙන් දායක විය. මෙම වසර ආරම්භයේදීම ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් තිරගත විය. එමෙන්ම ඇය විසින් රංගනයෙන් දායක වන තවත් චිත්‍රප 03ක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව ඇති අතර, මේවනවිටත් එම චිත්‍රපට වල නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවති.
මේ දිනවල දී ඇයට ලැබූ ප්‍රසිද්ධිය ඉතාමත් ඉහලය. ඉන්දියානු පුවත් සහ වෙබ් අඩවි වල මාතෘකව වූයේ ඇයගේ අඩ නිරුවත් ඡායාරූප පිළිබඳවයි. මේ කාරණා හේතුවෙන් ඇයට සමාජ මාධ්‍ය ඔස්සේ හිමි වූ ප්‍රසිද්ධිය ඇයගේ නිර්මාණ කටයුතු සඳහා බව ඇතැමුන් සඳහන් කළත් ඒ කාරණාව ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. කෙසේ වුවත් මේවනවිට ඉන්දියානු පුවත් වල ප්‍රධාන මාතෘකාව ඇය වී හමාරය.
Dilan Chryshantha