අජේගේ පරණ මතකයක් අලුත් වෙයි
අජේ දේව්ගන් සහ කාජල්ගේ විවාහ සංවත්සරය මතක් කිරීමට අජේ දේව්ගන් විසින් අමුතු වැඩක් කර තිබේ. ඒ ඔවුන් විවාහයේ ඡායාරූපයක් සමාජ වෙබ් අඩවි සඳහා එකතු කිරීමය. විවාහ දිවියේ 18 වැනි විය සමරන ඔවුන් විවාහ වූයේ 1999 වර්ෂයේදීය. මේ වනවිට ආදරයෙන් ජීවත්වන බොලිවුඩ් යුවළක් ලෙසද මොවුන් දෙදෙනා බොහෝ දෙනා හඳුන්වති.