අජේගේ ඊළඟ නිෂ්පාදනයට සංජේ දත්
අජේ දේව්ගන් යනු බොලිවුඩ් චිත්‍රපට නළුවෙකු පමණක් නොවන බව බොහෝ දෙනා දන්නා කාරණකි. ඔහු නිෂ්පාදකවරයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කරයි. ඔහු විසින් සිදුකිරීමට යන ඊළඟ චිත්‍රපටය සඳහා සන්ජේ දත් සහ ෆර්හන් අක්තර් දායක කර ගැනීමට සූදානම් බව ඉන්දියානු මාධය සඳහන් කර සිටියි. මොවුන් දෙදෙනා චිත්‍රපටයක් සඳහා එකට රංගනයෙන් දායක වන ප්‍රථම වතාව මෙය බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි.