අජේ හා ඉලේනා නැවතත්
අජේ දේව්ගන් හා ඉලේනා ඩී කෲස් පෙනී සිටින තවත් බොලිවුඩ් චිත්‍රපටයක් එළැඹෙන මාර්තු 16 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ රාජ් කුමාර් ගුප්තා අධ්‍යක්ෂණය කළ ‘රයිඩ්’ චිත්‍රපටයෙනි. මීට පෙර බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම පෙම්වතුන් ලෙස පෙනි සිටි ඔවුන් දෙදෙනා අවසන් වරට එකට සිනමා ප්‍රේක්ෂකයන් මුණ ගැසුණේ ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේ තිරගත වූ ‘බද්ෂාඕ’ චිත්‍රපටයෙනි.
මෙම චිත්‍රපටයේ ජේ හා ඉලේනා විවාහක යුවළක් ලෙස පෙනි සිටින අතර, සවරබ් සුක්ලා, සරත් සක්සේනා පිරිස මෙහි සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙයි. ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වෙනු ඇතැයි විචාරකයන් මත පළ කර තිබේ.