අජේ දේව්ගන් ගේ උපන් දින පැතුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-09-ent-30

සිනමා පවුලකින් පැවත එන අජේ දේව්ගන් උපත ලද්දේ 1969 අපේ‍්‍රල් 2 දාය. මේ මාසයේ ඔහු සැමරුවේ ඔහුගේ 49 වන උපන් දිනයයි. ඔහුගේ නියම නම විශාල් දේව්ගන්ය. අජේ යනු ඔහුගේ වෘත්තීය නාමයයි. ඔහුගේ තාත්තා වීරු නර්තන නිර්මාණ ශිල්පියෙකි. අම්මා වීණා චිත‍්‍රපටි නිෂ්පාදිකාවකි. අයියා අනිල් ද චිත‍්‍රපටි නිෂ්පාදකයෙකි. අජේ චිත‍්‍රපටි ක්ෂේත‍්‍රයට ආවේ 1991 දී ෆූල් ඕර් කාන්තේ චිත‍්‍රපටියේ ර`ගපාමිනි. එය මොන තරම් ජනපි‍්‍රය වී ද යත් ඒ වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හො`දම නවක නළුවා සම්මානය දිනා ගන්නා ලද්දේ අජේ විසිනි. ඉනික්බිතිව ජිගාර්, දිල්වාලේ, සුහාග්, දිල්ජාලේ ඇතුළු චිත‍්‍රපටි රැුසක ර`ග පෑවේය. ඔහු වඩාත් කතාබහට ලක් වුයේ හම් දිල් කේ චුකේ සනම් චිත‍්‍රපටියෙනි. එහි ඔහු ර`ග පෑවේ සිය බිරි`දත් ඇගේ පෙම්වතාත් එකතු කරන්නට උත්සාහ දරන සැමියෙකු ගේ චරිතයකි.

මේ වන විට ඔහු චිත‍්‍රපටි සියයකට අධික ප‍්‍රමාණයක් ර`ග පා ඇති අතර ජාතික සම්මාන දෙකක්, ෆිල්ම්ෆෙයාර් සම්මාන හතරක් දිනාගෙන තිබේ. සිනමාවට කළ සේවය වෙනුවෙන් ඉන්දියාවේ හතර වෙනි ජාතික සම්මානය වන පද්ම ශී‍්‍ර සම්මානය ද හිමි කර ගත්තේය.

1995 දී කාජල් සම`ග සම්බන්ධයක් ඇති වූයේ ගුණ්ඩරාජ් චිත‍්‍රපටියේ ර`ග පාද්දිය. ඔවුන් දෙදෙනා කලාතුරකින් දකින්නට ලැබෙන අපූරු යුවළක් ලෙස මාධ්‍යවලින් හ`දුන්වනු ලැබිණි. 1999 දී ඔවුහු විවාහ වූ අතර දැන් දුවකුගේ හා පුතෙකුගේ දෙමව්පියන්ය. ඔවුහු බොහෝ සාර්ථක යුග දිවියක් ගත කරති.

මේ වන විට අජේ සිය සිනමා දිවියේ 25 වන වසර සපුරා තිබේ. සත්තකින්ම මේ කාලය ඇතුළත සම්මාන පමණක් නොව තවත් බොහෝ ජයග‍්‍රහණ ඔහු හිමි කරගෙන තිබේ. හින්දි නළුවන් අතර පුද්ගලික ජෙට් යානයක් මිළ දී ගත් පළමු නළුවාත් අජේය. ආදේශක නළුවන් යොදා නොගෙන බිහිසුණු ජවනිකා ර`ග පාන්නට ඔහු පසුබට වන්නේ නැත.

උපන් දිනය සමරන්නට බිරිද කාජල්, දියණිය නයිසා සහ පුතු යුග් සමග ඔහු පසු ගිය දා පැරිසියට ගියේය. හැකි තරම් කාලයක් සිනමාවේ රැදී සිට හොද චිත‍්‍රපටිවල රග පෑම සිය උපන් දින පැතුම බැව් ඔහු කියයි.