අජිත්ගේ ‘වලිමයි’ රූපගත කිරිම් අත්හිටුවයි
දකුණු ඉන්දීය සිනමාවේ තවත් සුපිරි තරුවක් වන අජිත් කුමාර්ගේ නවතම චිත්රපටය ‘වලීමයි’හි රූපගත කිරිම් තුන්වැනි වතාවටත් අත්හිටුවා තිබේ. එයට හේතුව නම් මෙම චිත්රපටයේ දර්ශන කිහිපයක් ඉන්දියාවේ දිල්ලි නගරයේදී සිදු කිරීමට නියමිතව තිබුණ නමුදු දිල්ලි ප්රාන්ත රජය විසින් ඊට අවසර ලබාදීම ප්රතික්ෂේප කිරිමය. මේ වනවිට දිල්ලි නගරය ‘කොවිඩ්’ රෝගීන් බොහෝමයක් ආසාදිත වූ නගරයක් බව නම් කරද ඇත.
කෙසේ වෙතත්, දිල්ලි නගරයේ සිදුකරන්නට නෙහැකි වූ රූපගත කිරිම් කටයුතු ඔහු ඇතුළු නිෂ්පාදක කණ්ඩායම හයිද්රබාද් නගරයේ සිදු කරන්නට සැළසුම් කරමින් සිටින බව සඳහන් වෙයි. චිත්රපටයේ මේ වනවිට රූපගත කිරිම් සියයට 60ක් නිමා කර තිබේ.