අජිත්ගේ දෙවැනි චිත්‍රපටයත් කෝටි 100ක් උපයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-313

දකුණු ඉන්දීය සුපිරි නළු අජිත් කුමාර් මේ වසරේ සිය සිනමා ප්‍රේක්ෂකයන් හමුවු දෙවැනි චිත්‍රපටය වන ‘නිර්කන්ඩේ පර්වායි’ මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 130ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. 2016 වසරේ බොලිවුඩයේ තිරගත වූ ‘පින්ක්’ චිත්‍රපටය පාදක කරගනිමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය මෙවැනි විශාල මුදලක් උපයා ගැනීම විශේෂත්වයකි. අජිත් මේ වසරේ මුලින්ම රංගනයෙන් දායක වූයේ ‘විශ්වාසම්’ චිත්‍රපටයේ වන අත, එය උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 180කි. එය මේ දක්වා තිරගත වූ දකුණු ඉන්දීය චිත්‍රපටයක් උපයාගත් දෙවැනි ඉහළම ආදායමද වන්නේය.