අජිත් සිනාමාව දෙදරයි
කොලිවුඩ් නළු අජිත් කුමාර්ගේ රංගනයක් මීට පෙර දකින්න ලැබුණේ 2015 වසරේදීය. එනම් ශිවා විසින් අධ්යක්ෂණය කළ Vedalam චිත්රපටයෙනි. වසරක කාලයක් නිහඬව සිටි අජිත් නැවත සුපිරි සිනමාවකින් රිදී තිරයට පැමිණීමට සූදානම් වෙමින් පවතිනවා.
කොලිවුඩ් රසික රසිකාවන් අජිත් කුමාර් අමතන්නේ තාලා යන අනවර්ථ නාමයෙනි. නළුවකු පමණක් නොව ඔහු අන්තර්ජාතික මෝටර් රථ ධාවන සූරයෙක්ද වේ. 1990 වසරේදී En Veedu En Kanavar නම් චිත්රපටයේ කුඩා චරිතයකට පණ පොවමින් දෙමළ සිනමාවට පිවිසි තාලා හෙවත් අජිත් කුමාර් මේ වන විට දෙමළ චිත්රපට 56කට දායක වී තිබේ. ඔහුගේ 57 වැනි චිත්රපටය Vivegam නම් වේ. Vivegam යනු කුමක් හෝ සිදු වේවි නැතහොත් සිදු වෙන්නට පෙර සුපරික්ෂාකාරීවීම අර්ථය ගෙන එයි. ත්රාසජනක රහසිගත මෙහෙයුමක කතාවක් ගෙන එන Vivegam අගෝස්තු 24 වැනිදා සිට ලොව පුරා රිදී තිරයේ දිග හැරේ.