අජිත් කුමාර්ගේ නිවසට බෝම්බ ප්රහාරයක්
දකුණු ඉන්දීය සුපිරි නළු අජිත් කුමාර්ගේ චෙන්නායි නගරයට මදක් දුරන් පිහිටි ඉන්ජම්බක්කම්හි පිහිටි නිවසට මැයි 31 වැනිදා බෝම්බ ප්රහාරයක් එල්ල වෙන බවට චෙන්නායි පොලිසියට තොරතුරු ලැබී ඇත. ඒ නිර්නාමික දුරකතන ඇමතුමක් හරහාය.
මෙම නිර්නාමික දුරකතන ඇමතුම වෙනුවෙන් ක්රියාත්මක වූ චෙන්නායි පොලිසිය දින කිහිපයක් තිස්සේ අජිත්ගේ නිවස අවට ආරක්ෂාව සළසන්නට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත්, පසුව වාර්තා වූයේ මෙය කිසියම් පුද්ගලයෙකු අජිත් කුමාර් රැවටිමේ අරමුණින් සිදු කළ දුරකථන ඇමතුමක් බවය. මීට පෙර රාජිණිකාන්ත් හා තලපති විජේගේ නිවෙස්වලටද මෙසේ නිර්නාමික ඇමතුමකින් බෝම්බ බියක් ඇති කර තිබුණි.