අජිත් කුමාර්ගේ නිවසටත් බෝම්බ තර්ජනයක්..
මීට දින කිහිපයකට පෙර දකුණු ඉන්දීය සුපිරි සිනමා තරු වූ රාජිණිකාන්ත් හා විජේ පදිංචිව සිටින චෙන්නායි හි නිවාස ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණ ව්‍යාජ දුරකතන ඇමතුමක් මීට පැය කිහිපයකට පෙර දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර් පදිංචිව සිටින චෙන්නායි හි නිවසටද ලැබි ඇත.
පසුව චෙන්නායි පොලිසිය විසින් කල සෝදිසි මොහෙයුමකදී වාර්තා වූයේ දකුණු ඉන්දියාවේ විලම්පූර් දිස්ත්‍රික්කයේ මාරක්කනම්හි පදිංචි බුවනේෂ් නම් පුද්ගලයා විසින් මෙම ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදී ඇති බවට හෙළි වී ඇත. පොලිස් නිලධාරින් සැක කරන්නේ රාජිණිකාන්ත් හා විජේගේ නිවසවලටද මෙසේ බෝම්බ බියක් ඇති කිරිමට ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදී ඇත්තේද මෙම පුද්ගලයා විසින් බවය.