අගෝස්තුවේදී චිත්‍රපට ගැටුමක්
එළැඹෙන අගෝස්තු මාසයේදී එකම සතියකදී සුපිරි බොලිවුඩ් චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන බව සඳහන් වෙනවා. ඒ ආක්ෂේ කුමාර් හා භූමිකා පෙඩ්නේකර් රංගනයෙන් දායක වන ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය හා ෂාරුක්, අනුෂ්කා රංගනයෙන් දායක වන ‘ද රින්ග්’ චිත්‍රපටයයි.
ආක්ෂේ රංගන ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය අගෝස්තු 11 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, ෂාරුක්ගේ ‘ද රින්ග්’ චිත්‍රපටය අගේස්තු 13 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබෙනවා. ෂාරුක් ඛාන් මේ සම්බන්ධව මාධ්‍යයට පවසා ඇත්තේ තමාගේ ‘රායිස්’ චිත්‍රපටය තිරගත වූ දිනයේදී රිතික්ගේ ‘කාබිල්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වුවාක් මෙන් අගෝස්තුවේදී තමාගේ චිත්‍රපටය තිරගත වන කාලයේදී ආක්ෂේගේ ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය තිරගත වීම තමාට ගැටලුවක් නොමැති බවයි.