‘අකුවාමෑන්’ මිලියන දහක් උපයයි
ගෙවුණු වසරේ මිලියන දහක් උපයාගත් පස්වැනි හොලිවුඩ් චිත්රපටය බවට පත් වීමට ජේසන් මෙමෝවා රංගනයෙන් දායක වන ‘අකුවාමෑන්’ චිත්රපටය සමත්ව ඇත. පසුගිය දෙසැම්බර් 21 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්රදර්ශනය ආරම්භ කළ මෙම චිත්රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1020කි.
‘සුපර් මැන්’, ‘බැට් මෑන්’, ‘වොන්ඩර් වුමන්’ වැනි ‘වෝනර්ස් බ්රදර්ස්’ චිත්රපට සමාගම විසින් බෙදාහල සුපිරි වීර චිත්රපට අතරේ ඉහළම ආදායමක් උපයාගත් චිත්රපටය බවට පත්වන්නට මේ වනවිට ‘අකුවාමෑන්’ චිත්රපටය සමත්ව තිබෙන බව වාර්තා වේ. ගෙවුණු වසරේ ඉහළම ආදායමක් උපයාගත් චිත්රපටය බවට ‘ඇවෙන්ජර්ස් ඉන්ෆින්ට් වෝර්’ චිත්රපටය සමත් වූ අතර, ‘බ්ලැක් පැන්තර්’, ‘ජුරාසික් වර්ල්ඩ් -2’, ‘ඉන්කඩ්බල් 2’ කාටුන් චිත්රපටය ‘ඇකුවාමෑන්’ චිත්රපටයට පෙර ඩොලර් මිලියන දහක් උපයාගත් චිත්රපට අතරට එක්විය.