අක්ෂරාගේ දෙවැනි චිත්‍රපටයත් අසාර්ථකයි
කමල් හසන්ගේ බාල දියණිය වු අක්ෂරා හසන් රංගනයෙන් දායක වු දෙවැනි බොලිවුඩ් චිත්‍රපටයද මේ වනවිට අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවට එක්ව තිබෙන බව සඳහන් වෙනවා. ඇය රඟපෑ පළමු බොලිවුඩ් චිත්‍රපටය වූ ‘සමිතාබ්’ ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් උපයාගත්තද එය අසාර්ථක එකක් බවට පත් වුණා.
එමෙන්ම ඇය රඟපෑ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය වන ‘ලිලා කී ෂාදි මෙන් ලඩ්ඩෝ දිවානා’ චිත්‍රපටය සති දෙකක් ගෙවෙද්දි උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 80ක් වැනි සුළු මුදලකි. චිත්‍රපටය සඳහා වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 17ක මුදලක් බව සඳහන්.