අක්ෂර් දෙවැන්න මිලියන 8ක් බලලා
ඔක්තෝබර් 08 වැනිදා ප්රදර්ශනය කිරීමට නියමිත නාරයන් මාධවන් අධ්යක්ෂණය කරන ‘අක්ෂර්‘ 2 චිත්රපටයේ ප්රචාරක පටය පසුගියදා නිකුත් කරනු ලැබීය. නිකුත් කර දින දෙකක කාලයක් ඇතුළත එය ‘යු ටියුබ්‘ වෙබ් අඩවියෙන් පමණක් මිලියන 8ක පිරිසක් නරඹා ඇති බව සඳහන් වේ.
ශරිනි ඛාන්, ක්රිකට් ක්රීඩක ශ්රීසාන්ත්, ගෞතම් රෝඩි, අභිනව් සුක්ලා රංගනයෙන් දායක වන මෙම චිත්රපටයේ සරාගී දර්ශන බොහෝමයක් ඇතුළත්ව තිබේ. ප්රචාරක පටයේද එවැනි සිප ගැනීමේ දර්ශන කිහිපයක් ඇතුළත් කර තිබෙන අතර, බොහෝ විට මෙවැනි මිලියන 08ක පිරිසක් එම ප්රචාරක පටය නරඹන්නට ඇත්තේද ඒ නිසාවෙන් බව විචාරකයෝ පවසති.