අක්කාට වඩා නංගී ජනප්‍රිය වෙලා
මීට වසරකට පෙර ජිවිතක්ෂයට පත් වූ සිනමා නිළි ශ්‍රී දේවිගේ බාල දියණිය කුෂි කපූර් වෙත මේ වනවිට බොලිවුඩයේ අවධානය යොමුව පවති. පසුගිය වසරේදී ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය වූ ජාන්වී බොලිවුඩ් සිනමාවට එකවූ අතර, ඇය මේ වනවිටත් චිත්‍රපට කිහිපයකම රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටියි.
කෙසේ වෙතත්, මේ දිනවල ජාන්විටත් වඩා වැඩි අවධානයක් යොමුව ඇත්තේ කුෂි කෙරෙහි බව වාර්තා වේ. එයට හේතු කිහිපයක්ම පවතින අතර, පසුගිය කාලයේ ඇය හා ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යන් සමග ප්‍රේම සම්බන්ධයක් පැවැති බවටද තොරතුරු වාර්තා විය. කුෂි, ජාන්විටද වඩා රූමත්ව ඇති හෙයින් ඇය කෙරෙහි මාධ්‍යයද උනන්ඳු වී ඇති බවටද තොරතුරු සැළවේ.