අක්කා සාර්ථක වෙද්දි මල්ලිට ඇපත් නැති වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-07-ent-156

අනිල් කපූර්ගේ දරුවන් වන සෝනම් කපූර් හා හර්ෂ්වර්ධන් කපූර් රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපට දෙකක් පසුගිය සති අන්තයේදීඑම දිනයේදී ප්‍රදර්ශනය විය. සෝනම් කපූර් රඟපෑ ‘වීරේ ඩී වෙඩින්ග්’ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වෙද්දි හර්ෂ්වර්ධන් කපූර් රඟපෑ ‘බාවේෂ් ජෝෂි’ චිත්‍රපටය වියදම් කළ මුදල පවා සොයා ගැනීමට නොහැකි විය.

මෙය අනිල් කපූර්ගේ පුත් හර්ෂ්වර්ධන් රඟපෑ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය වන අතර, පළමු චිත්‍රපටයටද මෙවැනි ඉරණමක් අත්විය. සිනමා විචාරකයන් පවසන්නේ සිය පියා හා සොහොයුරිය මෙන් දිගු ගමනක් සිනමා ලෝකය තුළ ගමන් කරන්නට හර්ෂ්වර්ධන්ට නොහැකි වී ඇති බවය. කෙසේ වෙතත්, හර්ෂ්වර්ධන්ට මේ වනවිටත් තවත් චිත්‍රපට කිහිපයක් සඳහා එක්වීමට ආරාධනා ලැබි ඇති බවට තොරතුරු ලැබි ඇත.