අංක 01 වැජඹෙන හොලිවුඩ් නිළිය
හොලිවුඩ් නිළි ස්කාලට් ජොන්සන් පිළිබඳ කතාබහක් ඇති වූයේ පසුගිය දිනවල තිරගත වූ ඇවෙන්ජර්ස් චිත්රපටය හේතුවෙනි. එම චිත්රපටය ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වීමත් සමගින් හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිර්මාණයක් ලෙස එම චිත්රපටය පිළිබඳ කතාබහක් ඇති විය. එම චිත්රපටයෙන් පසු ඇය පිළිබඳ නැවත අවධානය යොමු වන්නේ ‘ෆෝබ්ස් සඟරාව’ සිදුකළ හෙළිදරව්ව හේතුවෙනි. ඒ මේ වනවිට හොලිවුඩ් සිනමාවේ අය කිරීම් අතරින් පළමු තැන ඇය පසුවන බවට වූ ප්රවෘත්තියයි.
2017 ජුනි මාසයේ සිට 2018 ජුනි දක්වා ඇය චිත්රපටයක් වෙනුවෙන් අය කරන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 40 දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වෙයි. පසුගිය කාලයේ එම ලැයිස්තුවේ මුල්තැන හිමිව තිබුණේ හොලිවුඩ් සරාගී නිළි ඇන්ජලීනා ජොලීටය. ෆෝබ්ස් සඟරාවේ ගණනය කිරීමට අනුව මේ වනවිට 33 වැනි වියේ පසුවන ස්කාලට් මුල් තැනට පත්ව තිබේ.
2019දී තිරගත වීමට නියමිත ඇවෙන්ජර්ස් චිත්රපට වෙනුවෙන් මාර්වල් සමාගම විසින් ස්කාර්ලට්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 40.5ක් මුදලක් ගෙවීමට තීරණය කර ඇති බවද සඳහන් වෙයි. එමෙන්ම 2020 දී තිරගත වීමට නියමිත ‘මැල්ෆිසෙන්ට් 2’ වෙනුවෙන් ජොලීට ඇමෙරිකානු ඩොලර් මිලියන 28ක් මුදලක් ගෙවා තිබේ. එම හේතුවෙන් මෙම වසරේ වැඩිම අය කිරීම් ඇති නිළියන් අතරේ ජොලීට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. තෙවැනි ස්ථානය හිමි වන්නේ 49 වැනි වියේ පසුවන ජෙනිෆර් ඇනිස්ටන්ටය. ඇය මෙම වසරේ තිරගත වීමට නියමිත ‘ඩම්ප්ලින්’ චිත්රපටය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 19.5ක මුදලක් අය කර තිබේ. ජෙනිෆර් ලෝරන්ස් 04 වැනි ස්ථානයට පත්ව ඇත්තේ චිත්රපටයක් වෙනුවෙන් ඇ.ඩො. මිලියන 18ක් අය කරමිනි. රීස් විතර්ස්පූන් චිත්රපටයක් වෙනුවෙන් අය කරනු ලබන මුදල ඇ.ඩො. මිලියන 16.5කි. එම හේතුවෙන් ඇය මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ පසුවෙයි. එමෙන්ම මිලා කූනිස්, කේට් බ්ලැන්චෙට්, මෙලිස්සා මැක්කර්ති, ගාල් ගැඩොට් සහ එමා ස්ටෝන් යන අයද වැඩිම අය කිරීම ලැයිස්තුවේ වැඩිම දහදෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ.
ස්කාර්ලට් ජොන්සන් යනු සිනමාව තුළ බොහෝ කතාබහට ලක් වූ අයෙකි. 1994 වර්ෂයේදී එළිදැක්වූ North චිත්රපටය ඔස්සේ රංගනයට පිවිසි ඇය මේ වනවිට සිනමා ගමන තුළ සම්මානලාභී නිළියක මෙන්ම ජනප්රියත්වයේ සලකුණක්ද වී තිබේ. 1996 වර්ෂයේදී රංගනයෙන් දායක වූ Manny & Lo චිත්රපටයෙන් හේතුවෙන් ඇය පළමු සම්මානය වන Independent Spirit Award සඳහා Best Female Lead ලෙස නිර්දේශ විය. ඇය 1998 වර්ෂයේදී රංගනයෙන් දායක වූ The Horse Whisperer චිත්රපටය ආදායම් වාර්තා අතරට පැමිණියහ. එහි ආදායම ඩොලර් මිලියන 186කි. ඉන්පසු ඇය 2001 වර්ෂයේදී Ghost World චිත්රපටය හේතුවෙන් සම්මානයක් පිදුම් ලැබීය. 2003 වර්ෂයේදී Girl with a Pearl Earring නම් චිත්රපටයේ වැඩිහිටියන්ට සීමා වූ චරිතයක් සඳහා රංගනයෙන් දායක වූ අතර, 2003 වර්ෂයේදී එළිදැක්වූ Lost in Translation චිත්රපටය සඳහා BAFTA සම්මානයද, Best Actress in a Leading Role සම්මානයද, Golden Globe Award සම්මානයද හිමි විය. 2004 වර්ෂයේදී A Love Song for Bobby Long චිත්රපටයද, 2005 වර්ෂයේදී Woody Allen's චිත්රපටයද, 2006 වර්ෂයේදී The Black Dahlia චිත්රපටයද, 2008 වර්යේදී The Other Boleyn Girl චිත්රපටයද, 2009 වර්ෂයේ He's Just Not That Into You චිත්රපටයද, 2010 වර්ෂයේදී Iron Man 2 චිත්රපට Golden Globe Award සම්මාන සඳහා ඇයව නම් විය.
2015 වර්ෂයේදී The Avengers චිත්රපටයද, 2014 වර්ෂයේදී Captain America සහ The Winter Soldier චිත්රපටයද, 2015 වර්ෂයේදි Avengers: Age of Ultron චිත්රපටයටද ආදායම් අතින් ඉහළ විය. 2016 වසරේදී ඇය Hail, Caesar, The Jungle Book, Captain America: Civil War, Sing යන චිත්රපට සඳහා රංගනයෙන් දායක වූවාය. 2017 වසරේ විශාල පෙරළියක් වූ Ghost in the Shell චිත්රපටයටද, Rough Night චිත්රපටයටද ඇය රංගනයෙන් දායක විය. මෙම වසරේ බොහෝ කතාබහට ලක් වූ සහ ආදායම් වාර්තා තැබූ චිත්රපටයක් වන Avengers: Infinity War චිත්රපටය සහ Isle of Dogs චිත්රපටයටද දායක වූ ඇය, 2019 වසරේ තිරගත වීමට නියමිත Avenger 4 චිත්රපටයටද, Untitled Noah Baumbach Project චිත්රපටයටද දායක වී තිබේ.