‘අ කුයිට් ප්ලේස්’ දෙවැන්න මාර්තු 19 වැනිදා සිට
ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘අ කුයිට් ප්ලෙස්’ පළමු චිත්රපටය 2018 වසරේදී ප්රදර්ශනය වූවකි. එහි දෙවැනි කතාංගය ඇතුළත් ‘අ කුයිට් ප්ලෙස් - 2’ චිත්රපටය එළැඹෙන මාර්තු 19 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්රදර්ශනය වීමට නියමිතව ඇත. මෙහිදි සුපුරුදු පරිදි එමිලි බ්ලාන්ට් ප්රධාන චරිතය නිරූපණය කරන අතර, පළමු චිත්රපටයේ රඟපෑ මිලීසෙන්ට් සිමෝන්ඩ් හා නෝආ ජූප්ද මෙහි රංගනයෙන් දායක වෙයි. පළමු චිත්රපටයේ මෙන්ම මෙවරද මෙම චිත්රපටයේ මිනිසුන් දඩයම් කරන සතුන් පිරිසක් සමග සිය ජීවිතේ බේරා ගන්නා සටනක් මෙහි කතාව තුළ දිග හැරේ. ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය කර ඇති මෙම චිත්රපටය අධ්යක්ෂණය කර ඇත්තේ ජෝන් කැරාසින්ස්කිය.