‘අ කුයිට් ප්ලෙස්’ දෙවැන්නක්
2018 වසරේ තිරගත වූ ‘අ කුයිට් ප්ලෙස්’ චිත්‍රපටයේ දෙවැන්නක් එළැඹෙන 2020 වසරේදි ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එමිලි බ්ලන්ට් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය අත්භූත චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබුණි. පළමු චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 349ක් උපයාගත් අතර, ඒ නිසාම මෙහි දෙවැන්නක් නිර්මාණය කරන්නට ‘පැරමුන්ට් පික්චර්ස්’ සමාගම තිරණය කර ඇත. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටයද ඉහළ ආදායමක් උපයාගනු ඇති බවය.