'Commando 2' හි අභියෝගාත්මක චරිතය 'Adah Sharma'
මාර්තු මාසයේ එළිදැක්වීමට නියමිත "කොමාන්ඩෝ 02" චිත්‍රපටයේ ප්‍රධානය චරිතයට පණපොවනඉන්දියානු නිළියක වන ආධා ශර්මා පිළිබඳ මේ දිනවල වැඩි කතාබහක් ඇති වී තිබේ. විද්‍යුත් ජම්වාල් සමගින් ඇය ප්‍රධාන චරිතය නිරූපණය කරන"කොමාන්ඩෝ" පළමු චිත්‍රපටයේම දෙවැනි චිත්‍රපටය ලෙස මෙය එළිදැක්වීමට නියමිත අතර, මේ සඳහා විශාල වියදමක් දරා ඇති බවද සඳහන් වෙයි.
ආධා හින්දි සිනමා නිළියක වුවද ඇය වැඩි වශයෙන් දායක වී ඇත්තේ තෙළිඟු චිත්‍රපට සඳහාය. 2008 වර්ෂයේදී ක්ෂේත්රයට පිවිසිඇයඑම වර්ෂයේදී "1920" නම් අද්භූත චිත්‍රපටයට පණපෙවීය. ඇය සිය පළමු චිත්‍රපටයෙන්ම සාර්ථක වූ අතර,එම චිත්‍රපටය මූල්‍ය වාර්තා අතරට පැමිණීමද එයට හේතු විය. එම චිත්‍රපටය වෙනුවෙන් ඇයෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම නවක නිළිය සම්මානය දිනාගත් අතර,කෙසේ වුවද ඇයට නැවත චිත්‍රපටයක් ලැබීමට අවුරුදු 03ක් පමණ ගත විය. ඇය සිය දෙවැනි චිත්‍රපටය ලෙස රංගනයෙන් දායක වූයේ 2011 වර්ෂයේදී තිරගතවූ "Phhir"චිත්‍රපටය සඳහාය. ඉන්පසු නැවතත් ඇය සිනමාවෙන් වසර දෙකකට සමුගත් අතර, ඇය නැවත සිනමාවට පැමිණියේ 2013 වර්ෂයේ තිරගත වූ Hum Hai Raahi Car Ke චිත්‍රපටයත් සමගිනි. ඇය 2014 වර්ෂයේදී චිත්‍රපටය තුනක් සඳහා දායක වූ අතර , ඒ සියල්ල තෙළිඟු චිත්‍රපට විය.
2015 වර්ෂයේදී චිත්‍රපට තුනක් සහ 2016 වර්ෂයේදී චිත්‍රපටය තුනක් සඳහා දායක වූ ඇයමේ වසරේ මෙතෙක් දායක වී ඇත්තේ එක් චිත්‍රපටයක් සඳහා පමණි. එම චිත්‍රපටය මාර්තු මාසයේ එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද සඳහන් වෙයි.