Chadwick කියන්නේ නියම හීරෝ කෙනෙක් අවසානය තෙක්ම ඔහු පිළිකාව එක්ක සටන් කළා
සිනමාපට රූගත කරන අතරතුරත් ප්‍රතිකාරවලට යොමු වුණා...
‘‘42’’ චිත්‍රපටය හරහා ජැකී රොබින්සන් චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආවා..
හොලිවුඩ් තරුවලට අපි ආදරය කරන්නේ සිනමාපටවල එයාල දක්වන දක්ෂතාවය නිසාමයි. සාමාන්‍යයෙන් අපිට එයාල කරන චරිතයක් කාලෙකට අමතක වෙන්නේ නැහැ. කොහොම නමුත් 2020 වසර කලා ලෝකයට නම් ඒ තරම් හොඳ වසරක් නොවෙයි.
අපි ගොඩක් ආදරය කරන ලාංකේය තරු වගේම බොලිවුඩ් තරු කිහිපයක්ම කොරෝනා අස්සේ තමන්ගේ ජීවිතවලට සමු දුන්නේ අපි හිතුවෙවත් නැති විදිහට. අන්න ඒ වගේ අපි ගොඩක් ආදරයක් කරපු හොලිවුඞ් තරුවකුත් අපිව දාල ගිහින්. ඒ Chadwick Boseman Chadwick ගොඩක්ම රසිකයන් අතර ජනප්‍රිය වුණේ Black Panther සිනමාපටය නිසයි.
මිය යනවිට 43 වැනි වියේ පසු වූ Chadwick තමන්ගේ ජීවිතයට සමු දුන්නේ පිළිිකාවක් නිසා. කාලෙක ඉඳන් ඔහු Colon කියන පිළිකා තත්ත්වයෙන් දැඩිව පීඩා වින්දා. අවසාන කාලයේ ඔහු සිනමාපට රූගත කරන අතරතුරත් ප්‍රතිකාරවලට යොමු වූ බව වෛද්‍යවරු සහ ඔහුගේ පවුලේ උදවිය ප්‍රකාශ කරලා තිබුණා.
නමුත් ඔහු ඒ සියලූ වේදනාවන් දරාගෙන චිත්‍රපට රූගත කිරීම්වලට සහභාගි වූයේ ප්‍රේක්ෂකයන්ට තියෙන ආදරය නිසාමයි. Chadwick තමන්ගේ පවුලේ අයට ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඔහු අවසන් සුසුම් හෙළුවෙත් ලොස් ඇන්ජලිස්වල ඔහුගේම නිවස ඇතුළේ. ඒ වගේම ඔහුගේ බිරිඳත් ඔහුත් එක්ක හිටියා කියලා Chadwick ගේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරලා තිබුණා.
අවසානය වෙනකල්ම Chadwick එයාගේ පිළිකා තත්ත්වය ප්රේක්ෂකයන්ගෙන් සඟවාගෙන ඉන්න කටයුතු කළා. Chadwick කියන්නේ කළු සම්භවයක් සහිත නළුවන් අතර Icon එකක් Black Panther සිනමා පටයේ ‘රීගල්’ චරිතයට කලින් ඔහු ‘ජැකී රොබින්සන්’ සහ ‘ජේම්ස් බ්‍රවුන්’ කියන චරිතවලින් ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. 2016 වසරේදී ඔහුගේ T .Challa චරිතය Captain America: Civil war චිත්‍රපටයට හඳුන්වා දුන්නා. Chadwick රංගනයෙන් දායක වූ Black Panther චිත්‍රපටය හේතු කිහිපයක් නිසාම විශේෂත්වයක් උසුලනවා.
එකක් තමයි ස්ටුඩියෝ එකක් ඇතුළේ ඇමරිකානු සහ අප්‍රිකානු නළු නිළියන් විශාල ප්‍රමාණයක් රංගනයට එකතු කරන ගමන් කරපු පළමු චිත්‍රපටය ඒ වගේම 9 වැනියට වැඩිම ආදායමක් උපයපු කළු ජාතික අධ්යක්ෂවරයකු විසින් නිර්මාණය කරපු පළමු චිත්‍රපටයත් මේක තමයි. අනෙක් කාරණාව තමයි පළමු වතාවට ඔස්කාර් නියෝජනයක් එක්ක හොඳම චිත්‍රපටයට නිර්දේශ වෙච්චි super hero චිත්‍රපටය වෙන්නෙත් Black Panther ගේ මරණය ඔහුගේ පවුලේ උදවිය විසින්ම Chadwick ගේ twitter ගිණුමෙන් පණිවුඩයක් තබමින්ම තහවුරු කරලා තිබුණා.
Chadwick 2016 වසරේදී Colon Cancer එකේ තුන්වැනි අදියරේ තමයි හිටියේ. පසුගිය වසර 4 පුරාවටම ඔහු පිළිකා මාරයත් එක්ක සටන් කළා. නමුත් මිය යනවිට ඔහු තමන්ගේ රෝගයේ IV වන අදියරයට ගිහින් තිබුණේ කිසිම බලාපොරොත්තුවක් ඔහුට ඉතිරි නොකරමිනුයි. ධෛර්යවන්ත Chadwick ගැන වෛiවරු කීවේ මෙහෙම කථාවක්,
‘‘ඇත්තටම Chadwick කියන්නේ නියම හීරෝ කෙනෙක් අවසානය තෙක්ම ඔහු පිළිකාව එක්ක සටන් කළා. 2016 ඉඳන් ඔහු චිත්‍රපට කළත් ඒ අතරතුර ප්‍රතිකාරවලටත් යොමු වුණා. ඒක ගොඩක් අමාරු වැඩක් Chadwick ට අවශ්‍ය වුණේ නැහැ ජීවිතය අතහරින්න. ඒ නිසා ඔහු සටන් කළා. නමුත් දෛවය ඔහුට දිනන්න දුන්නේ නැහැ.
ජීවත්වෙලා ඉන්න කාලෙ ඔහු හොලිවුඩ්වලට ගොඩක් ගරු කළා. ඒ වගේම තමන්ගේ උපරිමය කරමින් ක්ෂේත්රයේ දියුණුවට කටයුතු කළා. කළු ජාතික නළුවෙක් වුණත් තමුන්ට ලැබුණු ප්‍රේක්ෂක ආදරයට වටිනාකමක් දෙන්න තමයි උත්සාහ කළේ. ඇමරිකානු සිනමාව ඇතුළෙ සුදු කළු බේදය බොහොම ඉහළින් තියෙනවා. නමුත් කළු ජාතික නළුවකුට සිනමාපටයක ප්‍රේම චරිතයක් වුණත් කරන්න පුළුවන් කියන වටිනාකම ඇති කළේ Chadwick විසිනි. ඉතින් ඔහුගේ අඩුව හොලිවුඩ්වලට ගොඩක් තදින්ම දැනේවි.
Chadwick ඉපදුනේ දකුණු කැරොලිනාවල. 2000 වසරේ හෝවාර්ඞ් (CHoward) විශ්වවිද්‍යාලයෙන් උපාධියක් පවා ලබාගත්තු Chadwick ගේ ආශාව වුණේ තිර රචකයෙක් සහ අධ්යක්ෂවරයෙක් වෙන එක. අසීරු ගමනක අවසානයේ ඔහු 2013 වසරේදී ‘‘42’’ චිත්‍රපටය හරහා ජැකී රොබින්සන් චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එනවා. එම වසරේදීම ඔහු 'Get on up" චිත්‍රපටයෙන් ජේම්ස් බ්‍රවුන් චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආවා.
ඒ හැම චිත්‍රපටයකටම වඩා Chadwick සුුපර් හිට් එකක් බවට පත් වුණේ. 2018 වසරේදී ඔහු කළ Black Panther චිත්‍රපටයේ චරිතය හරයායි. එහිදී ඔහුට ලෝකය වටා රසික රසිකාවියන් ආදරය කරන්න පටන් ගත්තා. Avengers Infinity war සහ Avengers , endgame චිත්‍රපටවලිනුත් Chadwick ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඒ වගේම Black Panther II කොටස 2022 වසරේ ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්නත් සූදානමින් තමයි සිටියේ.
2003 වසරේ සිට රූපවාහිනී නළුවකු තිර රචකයකු, අධ්යක්ෂවරයකු ලෙසත් 2013 වසරේ සිට සිනමා නළුවකු ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තු Chadwick අද එයාගේ රසිකයන් හඬවමින් යන්නම ගිහින්.
අමිල නුවන් මධුසංඛ