Cara Delevingne පිටසක්වල ජීවින්ගෙන් ලෝකය බේරා ගනීවිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-20-ent-55  

විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරින් නිර්මාණය වූ හොලිවුඩ් චිත්‍රපටයක් වන 'Valerian and the City of a Thousand Planets' චිත්‍රපටය හෙට (21දා) එළිදැක්වීමට නියමිතය.

එය 'Star Wars' චිත්‍රපටයේ අනුකෘතියක් බවට ඇතැම් පිරිස් මත පළකළද, පිය‍රේ ක්‍රිස්ටීන් ලියූ ජනප්‍රිය ප්‍රංශ චිත්‍ර කතා මාලාවක් වන %Valerian and Laure line^ විද්‍යාත්මක ප්‍රබන්ධය පාදක කරගෙන නිර්මාණය වී තිබේ. මේ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 180ක පිරිවැයක් දරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධි ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය, මෙම වසරේ නිර්මාණය වූ චිත්‍රපට අතරින් තාක්ෂණික මට්ටමින් ඉදිරියෙන්ම තිබෙන චිත්‍රපටයක් බව සඳහන් වෙයි. මේ වනවිට මෙම චිත්‍රපටයේ ප්‍රචාරකපට හතරක් අන්තර්ජාලයට එක්කර තිබේ. එම ප්‍රචාරකපටයන් මේ වනවිට අන්තර්ජාලයේ බොහෝ නැරඹුම් වාර්තා අතරට පැමිණ ඇතැයි වාර්තා වේ. ‍

'Valerian and the City of a Thousand Planets' නම් චිත්‍රපටයේ ප්‍රධාන නිළියෝ දෙපළක් සිටිති. ඒ ගායක රිහානා සහ නිරූපිකාවක් වන කාරා ඩෙලිවින්ග්ය. ඇය සුප්‍රසිද්ධ නිරූපිකාවකි. කිරුළු පැලඳූ නිරූපිකාවක වන ඇයගේ 09 වැනි චිත්‍රපට මෙය වන බවත්, වසරේ නිරූපිකාව ලෙස ඇය දෙවරක් සම්මානයට පාත්‍ර වී ඇති බවත් වාර්තා වේ.

 

2017-07-20-ent-57

 

2009 වර්ෂයේදී 'Storm Model Management' ඇයතනය හරහා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය, විලාසිතා නිරූපිකාවක ලෙසද ප්‍රසිද්ධියට පත්වූවාය. ඇමෙරිකාව තුළ භාවිත වන වෙළෙඳ නාම සඳහා ඇය සන්නාම තානාපතිනිය ලෙසද කටයුතු කර තිබේ. 2012 වර්ෂයේදී ඇය රංගනයට පිවිසියේ %Anna Karenina^ චිත්‍රපටය ඔස්සේය. එම වර්ෂයේදීම ඇය නිරූපණයෙන් තවත් පියවරක් සඳහා යොමුවූ අතර, %British Fashion Awards^හිදී වසරේ නිරූපිකාව ලෙස ඇය පත්වූවාය.

ඇය නැවත සිනමාව සඳහා පිවිසෙනුයේ 2014 වර්ෂයේදීය. ඒ 'The Face of an Angel' චිත්‍රපටය හරහාය. ඉන්පසු ඇය 2015 වර්ෂයේදී සිනමා නිර්මාණයන් දෙකක් සඳහා දායක වී තිබේ. 2015 වර්ෂයේදී දායක වූ %Paper Towns^ චිත්‍රපටය හරහා කාරා සම්මාන 04කින් පිදුම් ලැබුවාය. ඒ 'Elle Style Awards'හිදී 'Breakthrough Actress' සම්මානය, 'Cinema Con Awards' හිදී 'Rising stars' සම්මානය, 'Choice Movie: Breakout Star' සම්මානය සහ 'Choice Summer Movie Star: Female' සම්මානයන්ය. 2016 වර්ෂයේදී ඇය සිනමා නිර්මාණයන් 03ක් සඳහා දායක වූ අතර, මෙම වර්ෂයේදී සිනමා නිර්මාණ දෙකක් සඳහා දායක විය. එහි පළමු නිර්මාණය මෙම මස එළිදැක්වීමට නියමිතය. 'Valerian and the City of a Thousand Planets' චිත්‍රපටය හේතුවෙන් ඇය සහ රිහානා පිළිබඳව බොහෝ පුවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය සහ රිහානා මෙහි ප්‍රචාරක කටයුතු සඳහා බොහෝ සෙයින් වෙහෙසෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2017-07-20-ent-56