'Bumblebee' ගේ අලුත් අයිතිකාරිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-11-26-ent-63

රොබෝවරුන්ගේ ආගමනය නැවතත් සිදුවීමට නියමිතය ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ‘ට්‍රාන්ෆෝමර්’ චිත්‍රපට මාලාවට ආදරය කරන බොහෝ දෙනෙකුට මෙම පුවත ඉතාමත් සුබදායි පුවතක් වන බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ. 2007 වසරේදී ආරම්භ වූ මෙම චිත්‍රපට මාලාව මේවනවිට ලෝකයේ ආදායම් අතර ඇති චිත්‍රපට මාලාවක් බව කිවයුතුය. 2007 වසරේදී ආරම්භ වූ මෙම චිත්‍රපට මාලාව සඳහා මේවනවිට චිත්‍රපට 05 ක් නිෂ්පාදනය කර තිබේ. ඒ 2007 වසරේ එළිදැක්වූ Transformer චිත්‍රපටය, 2009 වසරේ එළිදැක්වූ Revenge of the Fallen චිත්‍රපටය, 2011 වසරේ එළිදැක්වූ Dark of the Moon චිත්‍රපටයද, 2014 වසරේදී එළිදැක්වූ Age of Extinction චිත්‍රපටය සහ 2017 වසරේ එළිදැක්වූ The Last Kngiht චිත්‍රපටයද වෙයි. මෙම සියලු චිත්‍රපටයන් හි අධ්‍යක්ෂකවරයා වන්නෙ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක මයිකල් බේ ය. නමුත් මෙම චිත්‍රපට මාලාවට අලුතින් එක්වෙන චිත්‍රපටය වූ ‘Bumblebee’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ‘ට්‍රැවිස් නයිට්’ය. පසුගියදා ‘Bumblebee’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය එළිදැක්වූ අතර, බොහෝ දෙනෙක් සඳහන් කරනු ලබන්නේ ට්‍රාන්ෆෝමර් චිත්‍රපට මාලාවේ අනෙක් චිත්‍රපට සමග සැසදීමේදී මෙම චිත්‍රපට ඉතාමත් ප්‍රාථමික මට්ටමේ චිත්‍රපටයක් බවයි. මේ කාරණාව සඳහා එහි ප්‍රධාන නිළිය වන Hailee Steinfeld සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණි. ඇය පවසා ඇත්තේ Bumblebee යනු ට්‍රාන්ෆෝමර් චිත්‍රපට මාලාවේ වෙනස්ම මානයක් ඇති චිත්‍රපටයක් බවයි. ඇයගේ මෙම පිළිතුර හේතුවෙන් ඇය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සෙ කතාබහක් ගොඩ නැගී තිබේ.2018-11-26-ent-62

Hailee Steinfeld යනු මේවනවිට ලාබාල වයසේ පසුවන නිළියකි. 21 වැනි වියේ පසුවන ඇය සිනමාවට පිවිසෙනු ලබන්නේ ඇයට අවුරුදු 11 දීය. ඇමෙරිකානු රංගන ශිල්පිනියක් වන ඇය මේවනවිට සම්මාන ලාභී නිළියකි. ඊට අමතරව ඇය Academy Awards, Golden Globe Awards, BAFTA Awards සහ Crtitics Choice Awards සම්මානය උලෙලවන් හීදි ඇයව නිර්දේශ වී තිබේ. 2007 වසරේ සිට ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලැබූ ඇය මුල්ම වශයෙන් දායක වී ඇත්තේ කෙටි චිත්‍රපට සඳහාය. 2008 සිට 2010 කෙටි චිත්‍රපට තුනක් සඳහා ඇය රංගනයෙන් දායක වී තිබේ. 2010 වසරේ ඇයගේ පළමු සිනමා නිර්මාණය වන්නේ True Grit නම් චිත්‍රපටයයි. එම චිත්‍රපටය වෙනුවෙන් ඇයට Academy Awards හි හොඳම සහය නිළිය ලෙසද සම්මානයෙන් පිදුම් ලදී. රංගන ශිල්පිනියක් වීමට පෙර ඇය ගායිකාවක් ලෙස බොහෝ ජනප්‍රියත්වයක් ලබා තිබේ. ඇය පොප් සහ R&B යන ගීත ශෛලීන් වලින් ඇයගේ හැකියාවන් දැක බලා ගැනීමට අවස්ථාව තිබේ. ඇයගේ සිනමා දිවියේ කතාබහට ලක්වූ චිත්‍රපට කිහිපයක් තිබේ. ඒ අතරින් 2013 වසරේදී එළිදැක්වූ Ender’s Game චිත්‍රපටයද, Romeo & Juliet චිත්‍රපටයද, Begin Again චිත්‍රපටයද බොහෝ ජනප්‍රියත්වයට පත් චිත්‍රපට කිහිපියකි. එමෙන්ම 2014 වසරේදී 3 Days to Kill චිත්‍රපටයද, 2015 තිරගත වූ Pitch Perfect 2 චිත්‍රපටයද, 2017 වසරේදී තිරගත වූ Pitch Perfect 3 චිත්‍රපටයට ආදායම් වාර්තා අතරට පැමිණෙමින් බොහෝ ජනප්‍රියත්වයට පත්වුණි. 2016 වසරේදී තිරගත වූ The Edge of Seventeen චිත්‍රපට සඳහා Best Actress – Motion Picture Comedy or Musical කියන සම්මානයෙන් පිදුම් ලදී. 2017 වසරේදී තිරගත වූ චිත්‍රපටය වෙනුවෙන් ඇය Golden Globe සම්මාන රාත්‍රීයේදී හොඳම රංගන ශිල්පිනිය සම්මානය ඇයට හිමිවිය. 2017 වසරේදී තිරගතවූ Pitch Perfect 2 චිත්‍රපටයේ ඇති ‘Flashlight’ නම් ගීතයද ඇය විසින් ගායනා කරනු ලැබීය. ඉන් අනතුරුව ඇය නැවතත් ගීතයක් නිර්මාණය කලේය. ඒ ‘Love Myself’ නම් ගීතයයි. ඇයගේ ගීත කිහිපයක් Billboard Hot 100 ගීත ලැයිස්තුවටද ඇයගේ ගීත තේරි පත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සිනමාවේ මෙන්ම රූපවාහිනියේදී ආදරණිය චරිතයක් බවට ඇය පත්ව තිබේ. 2007 සහ 2010 වසර වලදී ඇය රූපවාහිනි කතාමාලාවන් දෙකක් සඳහා රංගනයෙන් දායක විය. මෙම වසරේ ඇය විසින් දායක වන චිත්‍රපට දෙකක් එළිදැක්වීමට නියමිතව තිබේ. ඒ අතරින් දෙසැම්බර් 21 වැනිදාට එළිදැක්වීමට නියමිතව ඇති Bumblebee චිත්‍රපට බොහෝ දෙනාගේ අවධානය යොමු වූ චිත්‍රපටයි. ඊට අමතරව, Spider-Man: Into the Spider-Verse එළිදැක්වීමට නියමිතව තිබේ. ගායිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස ඇය මෙවනවිට ක්ෂේත්‍රය තුළ ස්ථාවරයත්වයක් ගොඩ නගා අවසන්ය.

 

ඩිලාන් ක්‍රිෂාන්ත