“Black Panther” චිත්‍රපටයේ ප්‍රධාන නළු Chadwick Boseman පිළිකාවකින් මියයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔස්කාර් සම්මාන සඳහා නම් කෙරුණු ප්‍රථම සුපිරි වීර චරිත චිත්‍රපටය වන සුප්‍රකට “බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ Chadwick Boseman පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

43 හැවිරිදි මොහු වසර 04ක් පුරාවට මෙම පිළිකා රෝගයෙන් පීඩා ලැබ තිබෙන අතර අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හිදී ඊයේ දින මියගොස් තිබෙනවා.

සුප්‍රකට “ඇවේන්ජර්ස්” ඇතුළු චිත්‍රපට රැසකට මෙන්ම සිය රංගනයෙන් දායකත්වය දැක්වූ Chadwick Boseman නළුවෙක් ලෙස රංගන කේෂ්ත්‍රයට පිවිස තිබෙන්නේ ටෙලි රංගන ශිල්පියෙක් ලෙසිනි. ඒ 2003 වසරේදී තිරගත වූ “ Third Watch” නම් ටෙලි නාට්‍ය මාලාවෙන් බවට සඳහන් වේ.

20200829Black-1