Baywatch සමග නැවත හොලිවුඩයට ගිය ප්‍රියංකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-26-ent-35

2017-04-26-ent-38ප්‍රියංකා චොප්රා යනු බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයද දිනාගත් නිළියක් බව අද වනවිට බොහෝදෙනා දන්නා කරුණකි. ගායිකාවක වශයෙන්ද ඇය ඉතාමත් ප්‍රසිද්ධ චරිතයක් වී හමාරය. මේ දිනවල ඇයගේ නවතම පුවතක් පිළිබඳ වෙබ් අඩවි වාර්තාකර සිටියි. ඒ ඇයට අලුතෙන් පෙම්වතෙකු ලැබුණු පුවතය. ඇය මේ දිනවල හොලිවුඩ් චිත්‍රපටයක් වන "බේවොච්" චිත්‍රපටයක රූගත කිරීම්වලට දායක වී සිටියි. එහි නළුවෙකු වන සැක් එෆිරෝන් සමග එකට වැතිර සිටින ඡායාරූපයක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. මේ පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමු වී තිබේ. මීට අමතරව මැයි 26 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති Baywatch චිත්‍රපටය පිළිබඳවද මේ වනවිට බොහෝදෙනා අවධානයෙන් පසුවෙයි.

ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවක් වූ Baywatch චිත්‍රපටයක් ලෙස නිර්මාණය වෙයි. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ සෙත් ගෝර්ඩන්ය. මෙහි නිෂ්පාදකරවයා ලෙස තිදෙනෙක් කටයුතු කරනු ලබයි. ඒ ඉවාන් රෙයිට්බන්, ටොම් පොලැක්, බියූ ෆ්ලයින් නම් නිෂ්පාදකවරුන්ය. මෙහි ප්‍රධාන චරිතයන් සඳහා ඩ්වෙන් ජොන්සන්, සැක් එෆ්රොන්, ඇලෙක්සැන්ඩ්‍ර ඩැඩෝරියෝ, ප්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වනු ලබයි.

රංගන ශිල්පිනියක සහ ගායිකාවක ලෙස ඉතා ජනප්‍රිය වී සිටින ඇය මේ වනවිට හොලිවුඩයේද තරුවක් වී හමාරය. හොලිවුඩ් චිත්‍රපටයක් වන %බේ වොච්^ චිත්‍රපටය නිසා ප්‍රියංකාට හොලිවුඩය තුළ නව ඉල්ලුමක් ඇති වී තිබෙන බව සඳහන් වෙයි. එයට හේතුව වන්නේ තවත් චිත්‍රපටයක් සඳහා ඇයට ආරාධනාවක් ලැබී ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර තිබීමය. හොලිවුඩයට සමගාමීව "බේ වොච්" චිත්‍රපටයද ඉන්දියාවේ තිරගත කිරීමට කටයුතු යොදා ඇති බවද සඳහන් වෙයි. ඉන්දියානු ප්‍රචාරක කටයුතු සඳහා ප්‍රියංකා මුල්කොට ගෙන පෝස්ටර් නිර්මාණය කර ඇති අතර, ඒවා යොදාගෙන මෙම චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇත.

2000 වර්ෂයේදී "Miss World" කිරුළ පලඳා ක්ෂේත්‍රය තුළට පිවිසි ඇය ඉන්පසු %National Film^ සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. %Filmfare^ සම්මාන උලෙළේදී හොඳම නිළිය ඇතුළු තවත් සම්මාන තුනක් හිමිකර ගත්තාය. ඇය රංගන ශිල්පිනියෙක් ලෙස ස්ථාවර වූයේ ඇගේ සම්මානයන් සමගිනි.

2003 වර්ෂයේදී "Andaaz"චිත්‍රපටය ඔස්සේ රංගනයෙන් දායක වූ ප්‍රියංකා 2004 වර්ෂයේදී ඇගේ දෙවැනි චිත්‍රපටය ලෙස "Mujhse Shaadi Karogi" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූවාය. ඊට අමතරව ඇය චිත්‍රපට 15කට අධික සංඛ්‍යාවක් සඳහා රංගනයෙන් දායක වී ඇති බව සඳහන් වෙයි. මේ වන විට ඇය සම්මාන 33කින් පිදුම් ලබා ඇත.

රංගන ශිල්පිනියක්ව ප්‍රසිද්ධිය පත්ව සිටි ඇය 2012 වර්ෂයේදී ඇගේ පළමු ගීතය වන "In my City" එළිදක්වන ලදී. ඉන්පසු 2013 වර්ෂයේදී ඇගේ දෙවැනි ගීතය වන "Exotic" ගීතය ජනප්‍රිය ගායක Pitbull සමග ගායනා කළාය. මීට අමතරව 2014 වර්ෂයේදී ඇගේ තෙවැනි ගීතය වන "I Can't Make You Love Me" එළිදක්වන ලදී. ගායනයත් තම වෘත්තිය කරගත් ඇය ඒ ඔස්සේද තමන්ගේ මාවත විවර කර ගැනීමට හැකියාව හිමි විය. මේ අතරතුරදී ඇය චිත්‍රපට 4ක පසුබිම් ගායනයෙන් දායක වී ඇති බවද සඳහන් වෙයි.

2010 වර්ෂයේදී සහ 2014 වර්ෂයේදී GQ සඟරාව මගින් පිදුම් ලබන Woman of The Year සම්මානයෙන් ඇය පිදුම් ලැබීමට ඇයට අවස්ථාව උදාවිය. 2002 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා චිත්‍රපට 54ක් සඳහා දායක වී තිබේ. ඇය 2016 වර්ෂයේදී තිරගත වූ "Jai Gangaajal" චිත්‍රපටය ආදායම් අතරට පැමිණි චිත්‍රපටයක් වෙයි. ඉන්පසු තිරගත වූ "Ventilator" චිත්‍රපටය පසුබෑමකට ලක් වූ චිත්‍රපටයක් විය. 2017 වර්ෂයේදී ප්‍රියංකා චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක වූ අතර, ඉන් එක් චිත්‍රපටයක් ලෙස "Sarvann" පසුගිය ජනවාරි මාසයේ එළිදැක්වීය. නැවතත් හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා දායක වූයේ එළඹෙන මස එළිදැක්වීමට නියමිතව ඇති "Baywatch" චිත්‍රපටය සඳහාය. චිත්‍රපට නිළියක් මෙන්ම ව්‍යාපාරික කාන්තාවක් ලෙසද ප්‍රියංකා හඳුන්වයි. මේ වනවිට ඇය සතු මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් ලෙස වාර්තා වෙයි. ප්‍රියංකා මේ වන විට හොලිවුඩ් චිත්‍රපට සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, හොලිවුඩයේදී ඇයව පිළිගනු ලබන්නේ සුවිශේෂී පුද්ගලයෙකු ලෙස බවත් ඉන්දියානු මාධ්‍ය සඳහන් කර තිබේ.

 

 2017-04-26-ent-36 2017-04-26-ent-37