Baywatch නිසා හොලිවුඩයේ ඉල්ලුම වැඩි වූ නිළිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-04-ent-01

මේ දිනවල හොලිවුඩයේ වැඩිම මාතෘකාව බවට පත්වී ඇත්තේ, Baywatch චිත්‍රපටයයි. බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සඳහා මෙහි අවධානය යොමු වී ඇති අතර, තවත් අවධානය යොමු වී ඇති කෙනෙකු සිටි. ඒ මෙහි ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වන Alexandra Daddario පිළිබඳවයි. ප්‍රසිද්ධ රූපවාහිනි කතා මාලාවක් වූ Baywatch චිත්‍රපටයක් ලෙස නිර්මාණය වෙයි. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ සෙත් ගෝර්ඩන්ය. මෙහි නිෂ්පාදකරවයා ලෙස තිදෙනෙක් කටයුතු කරනු ලබයි. ඒ ඉවාන් රෙයිට්බන්, ටොම් පොලැක්, බියූ ෆ්ලයින් නම් නිෂ්පාදකවරුන්ය. මෙහි ප්‍රධාන චරිතයන් සඳහා ඩ්වෙන් ජොන්සන්, සැක් එෆ්රොන්, ඇලෙක්සැන්ඩ්‍ර, ප්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වනු ලබයි.

මැය මීට පෙර රංගනයෙන් දායක වූ චිත්‍රපටය බොහෝ සෙයින් ප්‍රසිද්ධ විය. ඒ අතර, Percy Jackson චිත්‍රපට මාලාවද, San Andreas වැනි චිත්‍රපට ඇයගේ හැරවුම් ලක්ෂණයන් ලෙස සඳහන් වෙයි.

31 වැනි වියේ පසුවන ඇය රංගන ක්ෂේන්‍රයට පිවිසියේ 2005 වර්ෂයේදීය. නමුත් ඇය 2002 වර්ෂයේ සිට රූපවාහිනි කතාමාලාවන් වල අතුරු චරිත සඳහා රංගනයෙන් දායක වී තිබේ. 2002 වර්ෂයේ සිට 2003 වර්ෂය දක්වා All My Children රූපවාහිනි කතාමාලාව සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඉන්පසු 2004 වර්ෂයේදී Law & Order කතාමාලාවටද, 2005 වර්ෂයේදී Law & Order: Criminal Intent කතාමාලාවටද දායක වී ඇති බව සඳහන් වෙයි.

2005 වර්ෂයේදී ඇය සිනමා දිවියට ප්‍රවිශ්ෂඨ වීමට අවස්ථාව උදා වී ඇත්තේ The Squid and the Whale චිත්‍රපටය ඔස්සේය. සිනමා නිළියක් මෙන්ම ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් ලෙසද ඇය බොහෝ ප්‍රසිද්ධියට ලක් සිටිනු ලබයි. ඇය 2006 වර්ෂයේදී නාට්‍ය අභාශය ලත් චිත්‍රපටයක් ලෙස The Hottest State චිත්‍රපටය හඳුන්වනු ලබයි. සංගීත පසුබිමක් ඔස්සේ නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය සම්මාන ලාභී චිත්‍රපටයක් විය. ඇය 2007 වර්ෂයේදී තවත් චිත්‍රපට දෙකක් සඳහා දායක වූ අතර, 2008 වර්ෂයේදී සිනමාව සඳහා මදක් විරාමයක් ලබා දුනි. සිනමා දිවියට පමණක් නොව රූපවාහිනි කතාමාලාවන් සඳහාද ඇය සමුදී තිබුණි. 2009 වර්ෂයේදී ඇයව නැවතත් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ Jonas Brothers: The 3D Concert Experience චිත්‍රපටය ඔස්සේය. ඇය මිලියන 23ක ආදායමක් ලැබූ චිත්‍රපටයකි. 2010 වර්ෂයේදී තිරගත වූ Percy Jackson & the Olympians: The Lightning Thief චිත්‍රපටය ආදායම් අතින් මෙන්ම ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයද සටහන් කරනු ලැබූ චිත්‍රපටයක් විය. 2010, 2011,2013 යන වර්ෂයන් හිදි එක් චිත්‍රපටක් තිරගත වුණි.

2015 වර්ෂයේදී තිරගතවූ San Andreas චිත්‍රපටය ලෝකයේ බොහෝ අවධානය දිනාගත් චිත්‍රපටයක් විය. පසුගිය වර්ෂයේ එනම් 2016 වර්ෂයේදී තිරගතවූ The Choice චිත්‍රපටය ඔස්සේ ඇයව සම්මානයක් සඳහා නිර්දේශ විය. නමුත් එම සම්මානය හිමිකර ගැනීමට ඇයට අවස්ථාව උදා නොවීය. මෙම වර්ෂයේදී ඇයගේ චිත්‍රපට 04ක් තිරගත වීමට නියමිතව තිබේ. 2018 වර්ෂයේදීත් ඇයගේ එක් චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතව ඇති බවට සඳහන් වෙයි.

ඇය පිළිබඳව මේ දිනවල වැඩම අවධානය යොමුව ඇත්තේ Baywatch චිත්‍රපටය හේතුවෙනි. මෙහි බොහෝ දර්ශනයන් අඩ ඇඳුමෙන් ඇය සැරසී සිටින බවත් ඇතැම් විදෙස් වෙබ් අඩවි සඳහන් වෙයි. ඇය වටා නිර්මාණය වන එවැනි පුවත් හේතුවෙන් ඇයගේ සමාජ වෙබ් අඩවි ගිණුම් සඳහා විවිධවූ පණිවුඩ ලැබෙමින් පවතින බවද ඇය සඳහන් කර තිබේ. කෙසේ වුවත් මෙම කාරණා හේතුවෙන් ඇයත් ජනප්‍රිය තරුවක් වන්නේ චිත්‍රපට එළිදැක්වීමටත් පෙරය.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 2017-05-04-ent-03 2017-05-04-ent-02