Baby Driver සමග හොලිවුඩයේ රජ වීමට යන Eiza González
හොලිවුඩය තුළ සතිපතා එක් චිත්‍රපටයක් එළිදැක්වීම සමාන්‍ය දෙයකි. එවැනි ඇතැම් චිත්‍රපටවල ප්රචාරක පට තුළින් බොහෝ ප්‍රේක්ෂක කොට්ඨාසයක් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ. එවැනි චිත්‍රපටයක් වන Baby Driver චිත්‍රපටය එළඹෙන 28 වැනිදා එළිදැක්වීමට නියමිතය. මෙම චිත්‍රපටය ජේසන් ස්ටැතම් රංගනයෙන් දායක වූ ට්‍රාන්ස්පෝටර් චිත්‍රපටයට සමාන චිත්‍රපටයක් ලෙස බොහෝ දෙනා හඳුන්වයි. එයට හේතු වන්නේ මෙහි අඩංගු කතා තේමාවයි. එවැනි කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වන මෙම චිත්‍රපටයේ ප්රචාරක පටය සඳහා මේ වනවිට බොහෝ ප්‍රතිචර හිමි වීම පුදුමයට කරුණක් නොවේ.
එම කාරණාවලට අමතරව මෙම චිත්‍රපට පිළිබඳ අවධානය යොමුවන තවත් කාරණා දෙකක් වෙයි. ඒ මෙහිඇතුළත් එක් ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වන්නේ පසුගිය කාලයේ කතාබහට ලක්වූ සින්ඩ්රරෙල්ලාහි රඟපෑ ලිලී ජේම්ස්ය. ඊට අමතරව ඊසා ගොන්සාල්වේස් නම් මෙක්සිකානු නිළියක්ද මෙහි ප්‍රධාන චරිතයකට දායක වෙයි.
සින්ඩරෙල්ලා නම් චරිතය තුළින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් ලිලී ජේම්ස් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් වූයේ ඇය ටෙලි නාට්‍ය චරිතයක් සඳහා නිරුවත් වූ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමයි. මෙවැනි චරිතයක් සඳහා ඇය දායක වීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇත්තේ ඇය මීට පෙර මෙවැනි චරිත සඳහා රංගනයෙන් දායක නොවීමයි. කෙසේ වුවත් එම ජනප්‍රියත්වයත් සමගින් මෙම චිත්‍රපටය සඳහා අවධානය යොමු වීම එම චිත්‍රපටය සඳහා ලැබූ බෝනස් ලකුණක් බවයි සඳහන් වන්නේ.
කෙසේ වුවත් ඊසා ගොන්සාල්වේස් නම් මෙක්සිකානු නිළිය පිළිබඳ මේ වනවිට විදෙස් වෙබ් අඩවි විවිධ පුවත්මවයි. මේ වනවිට 27වැනි වියේ පසුවන ඇය 2007 වර්ෂයේදී ක්ෂේත්රයට පිවිසි අතර,නිළියක් වීමට පෙර ගායිකාවක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිත්වයට පත් වී තිබේ. ඇය තමන්ට අවුරුදු 14 ක් වනවිට සිය පළමු ගීතය නිර්මාණය කර තිබේ. පාසල් කාලය තුළදී ඇය රංගන කටයුතුද පාසල් මට්ටමින් සිදු කර තිබේ. ඒ ආකාරයෙන් රංගනය හැදෑරූ ඇය මුලින්ම දායක වන්නේ රූපවාහිනී කතාමාලවක් සඳහාය. ඒ 2007 වර්ෂයේදී විකාශනය වූ Lola, érase una vez රූපවාහිනී කතාමාලාවයි. ඉන්පසුව 2008 වර්ෂයේදී ඇය Una familia de tantas නම් කතාමාලාවට සම්බන්ධ වෙයි. ඇයගේ පළමු සිනමා නිර්මාණය වන්නේ 2008 වර්ෂයේදී එළිදැක්වූ Horton Hears a Who චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය ත්‍රිමාණ චිත්‍රපටයක් වන අතර, ඒ සඳහා ඇය දායක වූයේ හඬකැවීමෙනි. 2010 වර්ෂයේදීSueña Conmigo නම් රූපවාහිනී කතාමාලාව සඳහා දායක වන ඇය, 2012 වර්ෂයේදී Amores verdaderos කතාමාලාවට දායක විය. ඇය යළිත් සිනමා නිර්මාණයක් සඳහා දායක වන්නේ 2013 වර්ෂයේදීය. එයද ත්‍රිමාණ චිත්‍රපටයක් වන අතර, එම චිත්‍රපටය සඳහාද ඇය හඬකැවීමෙන් දායක වූවාය. ඒ The Croods නම් ත්‍රිමාණ චිත්‍රපටයයි. 2014 වර්ෂයේදී දායක වූ From Dusk till Dawn: The Series රූපවාහිනී කතාමාලාව ඇයගේ පළමු ඉංග්‍රීසි රූපවාහිනී කතාමාලාව විය. ඇය මීට පෙර දායක වූයේ ස්පාඤ්ඤ රූපවාහිනී කතාමාලාසඳහාය.
2015 වර්ෂයේදී Jem and the Holograms චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ඇය එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. කෙසේ වුවද සංගීතමය පසුබිමක් ඔස්සේ නිර්මාණය වූ මෙම චිත්‍රපටයට මුදල්මය අතින් වාර්තා තැබීමට හැකියාවක් නොලැබිණි.
2008 සහ 2013 වර්ෂයේදී ඇය හොඳම නිළිය ලෙසට සම්මානයන්ද හිමිවිය. ඒ ආකාරයෙන් සම්මාන 04කින් පිදුම් ලබා ඇති ඇය සම්මාන සඳහා 18 වතාවක් යෝජනා වී තිබේ. මෙම මස 28 වැනිදාට එළිදැක්වීමට නියමිතBaby Driver චිත්‍රපටයේද ඇය ප්‍රධාන චරිතය සඳහා දායක වනු ලබයි. ඒ ආකාරයෙන් ඇය සිනමා දිවියේ එතරම් ජනප්‍රියත්වයක් නොලැබුවද පුංචි තිරය තුළ කතාබහට ලක් වූ චරිතයක් වී තිබේ.