Aquaman හොලිවුඩයට පෙර බොලිවුඩයේ
DC චිත්‍රපට මාලාවට අලුතින් එක්වූ චිත්‍රපටයක් වන Aquaman චිත්‍රපටය දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ. දෙසැම්බර් 21 වැනිදා හොලිවුඩ් සිනමා ශාලා තුළ එළිදැක්වීම නියමිතව ඇති නමුත්, ඊට සතියකට පෙර, එනම් 14 වැනි දින ඉන්දියානු සිනමා ශාලාවල මෙම චිත්‍රපටය තිරගත වීමට සූදානම් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජේම්ස් වෑන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය ඇ.ඩො. මිලියන 160ක පිරිවැයක් දරා තිබේ.